පොලිසියේ රාජකාරි කාර්යාක්ෂමව ඉටුකිරීම සදහා ත්‍රීරෝද රථ 2000ක්

පොලිසියේ රාජකාරි කාර්යාක්ෂමව ඉටුකිරීම සදහා ත්‍රීරෝද රථ 2000ක්

පොලිසියේ රාජකාරි කාර්යාක්ෂමව ඉටුකිරීම සදහා ත්‍රීරෝද රථ 2000ක්

පොලිසිය රාජකාරි කටයුතු කාර්යාක්ෂමව ඉටුකර ගැනීම සදහා සහ ශක්තිමත් ප්‍රවාහන පද්ධතියක් පවත්වාගෙන යාම සදහා ත්‍රිරෝද රථ 2000 ක් දිවයිනේ පොලිස් ස්ථාන වෙත ලබා දීමේ වැඩසටහනක් (01) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානාත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පරිශ්‍රයේ දී පැවැත්විණි.

ජනාධිපතිවරයාගේ සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව පොලිසියේ පොලිසියේ රාජකාරි කාර්යාක්ෂමව ඉටුකිරීම සදහා සෑම පොලිස් ස්ථානයකට මෙම ත්‍රිරෝද රථ ප්‍රධාන කිරීමට නියමිත බව පොලිස් මුලස්ථානය කියයි.

මෙම අවස්ථාන සංඛේතවත් කරමින් 01 දින පොලිස් ස්ථාන 10 වෙත සංඛේතාත්මකව ත්‍රිරෝද රථ බේදාදීම සිදුකර තිබිණි..

පොලිස් ස්ථාන රාජකාරි, අපරාධ වැළැක්වීම විමර්ශන කටයුතු, විවිධ පැමිණි විභාග, 119 හදිසි ඇමැතුම් සදහා යෙදවීම, ළමා හා කාන්තා කාර්යාංශ, දුෂණ මර්දන රාජකාරි, ප්‍රජා පොලිස් සංකල්පය වඩාත් ශක්තිමත් කර ප්‍රවර්ධන කර ගැනීම මෙම ත්‍රිරෝද රථ ප්‍රධානය කිරීමේ ප්‍රධාන අරමුණ බව පොලිසිය කියයි.

මෙම අවස්ථාවට මහජන ආරක්ෂ අමාත්‍ය රියර් අද්මිරාල් විශ්‍රාමික සරත් වීරසේකර, පොලිස්පති සී ඩී වික්‍රමරත්න, බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ඇතුලු පොලිස් නිලධාරීන් රැසක් සහභාගි වුහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *