අසාද් සාලිට ත්‍රස්තවාදය වැළැක්වීමේ හා ICCPR පනත යටතේ අධිචෝදනා – නීතිපති දෙපාර්තමේන්තුව

අසාද් සාලිට ත්‍රස්තවාදය වැළැක්වීමේ හා ICCPR පනත යටතේ අධිචෝදනා - නීතිපති දෙපාර්තමේන්තුව

අසාද් සාලිට ත්‍රස්තවාදය වැළැක්වීමේ හා ICCPR පනත යටතේ අධිචෝදනා - නීතිපති දෙපාර්තමේන්තුව

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ බව නීතිපති දෙපාර්තමේන්තුව ( 28) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා ඉකුත් මාර්තු 09 වනදා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් මුල් කරගනිමින් මෙලෙස අධි චෝදනා ගොනු කර ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින තමන් මුදාහරින ලෙස ඉල්ලමින් අසාත් සාලි මහතා විසින් ඉදිරිපත්කළ මූලික අයිතිවාසිකම් පෙත්සම (28) ‍ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා එම දැනුම්දීම සිදුකළේය.

මෙම පෙත්සම (28) ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ සහ ඒ. එච්. එම්. ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. පෙත්සම සලකාබැලීම සඳහා ජූලි 29 වනදා කැඳවීමට නියම කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *