එන්නත්වල ඇත්ත නැත්ත

රටවල් 63කින් වාර්තා වී ඇති "BA5" නව කෙරෝනා වෛරස ප්‍රභේදයක්

රටවල් 63කින් වාර්තා වී ඇති "BA5" නව කෙරෝනා වෛරස ප්‍රභේදයක්

ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයට එරෙහිව එක් එන්නත් මාත්‍රාවකින් ලැබෙන්නේ සියයට 33ක පමණ ප්‍රතිශක්තියක් පමණකැයි පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව ශ්‍රී ජවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය පවසයි.

එය සැලකිය යුතු මට්ටමක ආරක්ෂාවක් යැයි සැලකිය නොහැකි බවත් ඩෙල්ටා ප්‍රභේදයේ ඇති ලොකුම ගැටළුව මෙය බවත් එම අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. මේ අනුව තනි මාත්‍රාවකින් ආරක්ෂාවක් සැලසෙනු ඇතැයි සිතිය නොහැකි බවද ඔහු සඳහන් කළේය. ෆයිසර් එන්නත් මාත්‍රා දෙකෙන් සියයට 85ක ආරක්ෂාවක් සැලසුණද අස්ට්‍රාසෙනිකා එන්නතේ මාත්‍රා දෙකෙන්ම ලැබෙන්නේ සියයට 58ක ආරක්ෂාවක් පමණකැයිද එම පරීක්ෂණවලදී වැඩිදුරටත් හෙළි වී ඇත.

කෙසේ වෙතත් මෙරට පැතිර ඇති අනෙක් සැර කොරෝනා වයිරස ප්‍රභේදය වන බී117 ඇල්ෆා සඳහා මෙරට පාවිච්චි කරන සියලුම එන්නත් කාර්යක්ෂම ආකාරයට ප්‍රතිචාර දක්වන බවද ජීවන්දර මහතා සඳහන් කළේය.
-lankadeepa

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *