තායිලන්ත තානාපති කාර්යාලයට අයත් ඉඩමකට ව්‍යාජ ඔප්පු සකස් කළ නීතිඥවරයා අත්අඩංගුවට

කොළඹ ප්‍රදේශයේ පර්චස් 20ක ඉඩමක් විකිණීමට ව්‍යාජ ලෙස ඔප්පු සකස් කළ නීතිඥවරයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ 7, සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර මාවතේ පිහිටි තායිලන්ත තානාපති කාර්යාලයට අයත් පර්චස් 20ක පමණ ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකස් කර එලෙස විකුණා තිබේ.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකළ පරීක්ෂණවලදී අදාළ ඉඩම විකුණූ පුද්ගලයා සහ මිලදී ගත් පුද්ගලයාව මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව මෙම ඔප්පුව සකස් කරන ලද නීතිඥවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නීතිපති උපදෙස් මත අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ඉඩමේ වටිනාකම රුපියල් කෝටි 50කට ආසන්න බවට වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *