Type to search

යහපාලනයටත් වඩා මේ ආණ්ඩුව පිරිහිලා; ජනතාව උස්සලා පොළොවේ ගහලා – බෙංගමුවේ හිමි

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ජනතාවගේ හදගැස්ම අඳුනන පිරිසක් යැයි මැතිවරණ වේදිකාවල කෑගසමින් බලයට පත්වුවත් වත්මන් ආණ්ඩුව බලයට පැමිණ ඉතා කෙටි කලකින් විශාල වශයෙන් ජන අප්‍රසාදයට පත් වී ඇති බවත්, වත්මන් ආණ්ඩුව යහපාලනයට වඩා ඉක්මණින් ජනතා අප්‍රසාදයට ලක් වී ඇති බවත් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන් කරති.

සිය විහාරස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.

දේශීය ආර්ථිකය නංවන්න ඉන්ධන මිල වැඩි කළ බව පැවසීම විහිලු කතාවක් දැයි පැවසූ එහිමියෝ එදාවේල හම්බ කරගත් ජනතාව උස්සා පොළොවේ ගැහුවා වගේ වැඩක් සිදුකර ඇතැයි ද සඳහන් කළහ.

එදා රුවන්වැලි සෑය ඉදිරියේ දිවුරුම් දුන් ජනාධිපතිවරයා අද ඒවා අමතක කර දමා වැඩ කරන බවත් උන්වහන්සේ කියා සිටියහ.

යහපාලන ආණ්ඩුව ගැන කලකිරීම නිසා වර්තමාන ආණ්ඩුව බලයට පත් කිරීමට වෙහෙසුණු මහා සංඝරත්නයටත් අද මුනිවත රකින්නට සිදුවී ඇති බවත් මෙම ආණ්ඩුව පත් කිරීම සම්බන්ධයෙන් තමන් වහන්සේලාගෙන් ජනතාව ප්‍රශ්න කරන බවද උන්වහන්සේ කියා සිටියහ.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *