විපක්ෂය හිතන්නේ හිඟන්නා හිතන විදියටයි – අජිත් නිවාඩ් කබ්රාල්

කවුරු යෝජනා ඉදිරිපත් කළත් ණය ලබා ගැනීම සඳහා මූල්‍ය අරමුදලට යන්නේ නැහැ - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

කවුරු යෝජනා ඉදිරිපත් කළත් ණය ලබා ගැනීම සඳහා මූල්‍ය අරමුදලට යන්නේ නැහැ - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

තුවාලය පෙන්වමින් හිඟා කන හිඟන්නාගේ ඒ තුවාලය සුවකිරීමට යෑමේදී ඔහු කලබලයට පත්වීම ස්වාභාවික බවත් ආර්ථික ප්‍රශ්නය නමැති තුවාලය මේ ආණ්ඩුව සුව කිරිමට යද්දි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කලබලවී ඇත්තේද ඒ ආකාරයටම බවත් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේ දී (23) පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ වූ යෝජනාව පිළිබඳ විවාදයේදීය.

වත්මන් රජය බාර ගත්තේ අගාධයට ඇද දමා තිබූ ආර්ථිකයක් බව පැවසූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා රජයට අද සියල්ල කිරීමට සිදුවී ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන හතක් සමග යැයි ද ප්‍රකාශ කළේය. මිනිසුන්ගේ ජීවිත රැක ගන්න ගමන්ම රටේ ආර්ථික ප්‍රශ්නයටද රජය මුහුණ දෙන බව ඔහු පැවැසුවේය.

මිනිසුන් ගේ ජීවිත හා ජීවනෝපාය යන දෙකම රැක ගැනීම මේ වෙලාවේ ඉතාම අමාරු බවත් රජය මේ අවස්ථාවේදී විපක්ෂයේ සහායද ඉල්ලා සිටින්නේ ඒ නිසා බවත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය. පොදුවේ විපක්ෂය ඒ සහය මෙතෙක් ලබාදී නැතැයිද ඔහු චෝදනා කළේය.

කෙසේ වෙතත් සමහර මන්ත්‍රීවරුන් රජයට සහය දක්වා ඇති බවත් ඒ සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන්ට ස්තූතිවන්ත වන බවත් මුදල් රාජ්‍ය ඇමතිවරයා කීවේය. විපක්ෂය හැටියට රනිල් වික්‍රමසිංහ මහතා අද හොඳ කතාවක් කළ බවත් ඒ කතාවෙන් අනෙක් අයටත් පාඩම් උගෙන ගත හැකි බවත් ඔහු කියා සිටියේය. සියලු දෙනා එකතුවී වැඩ කළ යුතු බවට වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දුන් බවද කබ්රාල් මහතා සිහිපත් කළේය.

කොවිඩ් පාලනයට අමතර මුදල් අවශ්‍යවී ඇති බවත් සියලු කටයුතු කරද්දී ජනතාවට ණය සහන ලබාදී ඇති බවත් ඔහු පැවසුවේය.

මේ සහන සඳහා රජය බැංකුවල රුපියල් කෝටි තුන්ලක්ෂ හතළිස් එක් දහසක් ලබාදී ඇතැයි පැවසූ කබ්රාල් මහතා රට ආර්ථිකමය පැත්තෙන් වර්ධනය වී ඇත්තේ ඒ සහන නිසා බවද සඳහන් කළේය.
සෞභාග්‍යා ණය යටතේ ජනතාවට බිලියන මිලියන 160ක් ලබාදී ඇතැයිද ඔහු පැවසුවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *