ලංකාවෙන් විදේශ රටවල්වලට පැන ගිය 24 දෙනෙකුට රතු වරෙන්තු – අජිත් රෝහණ

විදේශ රටවල්වලට පැන ගිය 24 දෙනෙකුට රතු වරෙන්තු - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

විදේශ රටවල්වලට පැන ගිය 24 දෙනෙකුට රතු වරෙන්තු - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

විදේශ රටවල්වලට පලා ගොස් සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය විසින් රතු වරෙන්තු නිකුත් කර ඇත.

රතු වරෙන්තුවට අනුව, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්වල සහ සැලසුම් සහගතව අපරාධවල නියැළෙන 13 දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බවද ඔහු පැවසීය.

මොවුන්ගෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ අතර, තවත් 11 දෙනෙකු විදේශ රටවල්වල සැඟවී සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.

නොයෙකුත් අපරාධ චෝදනාවලට සම්බන්ධ වූවන් සමඟ 24 දෙනෙකු විදේශ රටවල සැඟවී සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *