චීනයට එරෙහිව ඉන්දීය හමුදා මෙහයුමක්: ලංකාව ආසන්නයේ ඇතුළු කලාපය පුරා ඩ්‍රෝන යානා හරහා නිරීක්ෂණ කටයුතු
කලාපයේ චීන ක්‍රියාකාරකම් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් බැවින් ශ්‍රී ලංකාව ආසන්නයේ ඇතුළු ඉන්දියානු සාගර කලාපය පුරා සිය නිරීක්ෂණ කටයුතු වැඩි කිරීමට ප්‍රඩේටර් (predator) වර්ගයේ ඩ්‍රෝන යානා යොදාගන්නා බව ඉන්දීය නාවික හමුදාව ප්‍රකාශ කරයි. මෙම ඩ්‍රෝන යානා ඉන්දීය වෙරළාරක්ෂක බළකායට මෙන්ම එරට නාවික හමුදාවට උපකාර වනු ඇති බවද ඉන්දීය නාවික හමුදාව පවසයි.
ඉන්දීය නාවික හමුදාවේ උප ප්‍රධානී වයිස් අද්මිරාල් ජී. අශෝක් කුමාර් පවසා ඇත්තේ විශේෂයෙන්ම සාගර කලාපයේ සැරිසරන යාත්‍රා පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට මෙම ඩ්‍රෝන යානා උපකාර කරනු ඇති බවයි.
වැඩිදුරටත් ප්‍රකාශ කරන ආකාරයට අසල්වැසි චීනය සහ පාකිස්තානය සමග පවතින සමීප තත්ත්වයන් ඉහළ යෑම හේතුවෙන් සිය ගොඩබිම් හා මුහුදු ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා ඉන්දියාව එක්සත් ජනපදයෙන් ඩ්‍රෝන යානා 30ක් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවයි.