(Video) කොවිඩ් අරමුදල ගැන ජනාධිපති මාධ්‍ය ඒකකය බොරු කියලා – විජිත හේරත්ගේ අනාවරණය

ජනාධිපතිවරයා යටතේ පවතින කොවිඩ් අරමුදල යොදවා ගිලන්රථ 10ක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 194ක් වැය කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිකුත් කළ නිවේදනය සාවාද්‍ය එකක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඊයේ (23) පාර්ලිමේන්තුවේදී පෙන්වාදෙනු ලැබීය.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් හෙළි කළේ ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිකුත් කළ නිවේදනය අනුව ගිලන්රථ 10ක් ලබාගැනීමේ කටයුතු සිදුකර ඇති බව දක්වා තිබුණද සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි ඊට පරස්පර විරෝධී ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී කරණ ලද බවය. සෞඛ්‍ය ඇමතිවරිය සඳහන් කර ඇත්තේ එම අරමුදලෙන් ගිලන් රථ ලබාගැනීමේ ප්‍රසම්පාදන කටයුතු තවමත් නිමාකර නොමැතිබවය.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *