පොල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අහෝසි කරයි

පොල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අහෝසි කරයි

පොල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අහෝසි කරයි

පොල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අහෝසි කර තිබේ. ඒ ජුනි මස 18 වෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදිය.

මෙම තීරණයට අදාල අංක 2232/38 දරන අති විශේෂ ගැසට් පත්‍රය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ජුනි 18 දින නිකුත් කර තිබේ.

පොල් සඳහා පළමු වරට උපරිම සිල්ලර මිලක් පනවනු ලැබූයේ 2020 සැප්තැම්බර් 25 දින වන අතර එහිදී වට ප්‍රමාණය අඟල් 13ට වැඩි පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 70ක් වශයෙනුත්, වට ප්‍රමාණය අඟල් 12ත් 13ත් අතර පොල් ගෙඩියක් රුපියල් 65ක් වශයෙනුත් හා වට ප්‍රමාණය අඟල් 12ට අඩු පොල් ගෙඩියක් රුපියල් 60ක් වශයෙනුත් නියම කරනු ලැබීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *