Type to search

නීති විරෝධී ආනයනය හා අපනයනය කරන පිරිස් රේගු දඩ නොගෙවීම නිසා කෝටි 6300ක් රජයට පාඩුයි

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

නීති විරෝධී ලෙස භාණ්ඩ ආනයනය හා අපනයනය කරන පිරිස් රේගුව මගින් අත්අඩංගුවට ගෙන නියම කරන දඩමුදල් නොගෙවා අධිකරණයේ නඩු පැවරීම නිසා රජයට ලැබිය යුතු රුපියල් කෝටි 6300 කට අධික ආදායමක් අහිමිවී ඇතැයි රේගු දෙපාර්තමේන්තුව පවසයි.

ඉකුත් වසර පහකට අධික කාලයක් තිස්සේ මෙසේ පැනවූ දඩමුදල් එම පිරිස් නොගෙවීම මීට හේතුව බවද රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය.

මෙම රුපියල් කෝටි 6300 ට අදාල ඇතැම් නඩු වසර පහකට පමණ පෙර ගොනු කළ ඒවා බවත් බොහෝ නීති විරෝධී භාණ්ඩ ආනයන සහ අපනයනකරුවන් රේගු දඩ මුදල් ගෙවීම මඟ හැරීමට අධිකරණය යොදාගැනීම පුරුද්දක් කරගෙන ඇති බවත් එම නිලධාරියා පැවසීය.

රේගු විභාගය අවසානයේ දඩ නියම කිරීමෙන් පසුව ඔවුන් අභියාචනාධිකරණයේ නඩු පවරණ බවත් එම නඩු දිගින් දිගටම කල්යෑමෙන් රජයට ආදායම් ප්‍රමාද වන බවත් එම නිලධාරියා පැවසීය.

එම නිලධාරියා පැවසුවේ නීති විරෝධීව කසළ තේ අපනයනය කිරීම්, බීඩි කොළ ආනයනය කිරීම යන සිද්ධිවලට පැනවූ දඩ මුදල් පමණක් රුපියල් කෝටි 10 කට ආසනන් මුදලක් හිරවී ඇති බවත් මෙම තත්වයට විසඳුමක් ලබාගැනීමට රජය මැදිහත් විය යුතු බවත්ය.

කසළ තේ නීති විරෝධී ලෙස අපනයන කිරීමට උත්සාහක කිරීමේ සිද්ධි කීපයකට ලක්‍ෂ ගණනක දඩ මුදල් නියමවී අභියාචනාධිකරණයට රිට් පෙත්සම් ගොනුකර ඇති පුද්ගලයෙක් පසුගියදා නැවත කසළ තේ අපනයන කිරීමට කළ උත්සාහකදී අත්අඩංගුවට පත්වූ බවත් වැරදිකරුවන්ට දඩුවම් ලබාදීමට සහ රජයට ආදායම් ලබාගැනීමට කටයුතු කිරීම වඩාත් වැඳගත් බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *