කොරෝනාවට ඖෂධ සොයාගත් බව ප්‍රචාරය කිරීමට පෙර ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය අනිවාර්ය කරයි

කොරෝනා සඳහා ඖෂධ සොයාගත් බවට ප්‍රචාරය කරන වෛද්‍යවරුන් තමන් සොයාගත් ඖෂධ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක මහතා සඳහන් කරයි.

එම ක්‍රියාපිළිවෙත අනුගමනය නොකරන වෛද්‍යවරුනට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියයි.

කොරෝනා ඖෂධ සොයාගත් බවට ප්‍රචාරය යවන වෛද්‍යවරුන් පිළිබඳව ජනතාවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණිලි කළ හැකි බව ද එම පැමිණිලි [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කළ හැකි බව ද මහාචාර්යවරයි පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *