කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජල ගැලීම්වලට ලක්වන පහත්බිම් සඳහා විසඳුම් ලබාදීමට අගමැති උපදෙස්

අතරමග නවතා දමා ඇති ව්‍යාපෘති කඩිනමින් අවසන් කර ජල ගැලීම් නිසා ජනතාව මුහුණ දෙන ගැටලු අවම කිරීමට අගමැති උපදෙස්

අතරමග නවතා දමා ඇති ව්‍යාපෘති කඩිනමින් අවසන් කර ජල ගැලීම් නිසා ජනතාව මුහුණ දෙන ගැටලු අවම කිරීමට අගමැති උපදෙස්

අතරමග නවතා දමා ඇති ව්‍යාපෘති කඩිනමින් අවසන් කරමින් ජල ගැලීම් නිසා ජනතාව මුහුණ දෙන ගැටලු අවම කිරීමට පළාත් පාලන ආයතන, මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව සාමූහික තීන්දුවකට එළැඹෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (18) අරලියගහ මන්දිරයේ දී උපදෙස් දුන් ජල ගැලීම්වලට ලක්වනනේය.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජල ගැලීම්වලට ලක්වන පහත්බිම් සඳහා විසඳුම් ලබාදීමේ සාකච්ඡාවකට එක්වෙමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

එක් එක් ආයතන වෙත බෙදී ඇති කාර්යයන් නිසි පරිදි ඉටු නොවීම හේතුවෙන් ජනතාව මෙන්ම රජය ද අපහසුතාවයට පත් වන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමා මේ වනවිට ආරම්භ කර තිබෙන ව්‍යාපෘති අතරමග නවතා දැමීමකින් තොරව අවසන් කිරීම සඳහා සියලු ආයතන එක්ව කටයුතු කරන්නැයි නියෝග කළේය.

ජනතාවට එලෙස කඩිනම් විසඳුම් ලබා දිය යුතු ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නිසි ක්‍රමවේදයන්ට යටත්ව ලබා දෙන බව අග්‍රමාත්‍යතුමා විශ්වාසය පළ කළේය.

පෙතියාගොඩ, අඹතලේ, ඔලියමුල්ල ජල පොම්පාගාර ආශ්‍රිතව කළ යුතු සංවර්ධන ව්‍යාපෘති, වැසි ජලය බැසයන ඇළ මාර්ග පවිත්‍ර කිරීම සහ සංවර්ධනය කිරීම නව පොම්පාගාර මගින් ජලය බැහැර කිරීම මෙන්ම පහත් බිම් වල ජනතාව ජල ගැලීම් වලට ලක් නොවන ලෙස පදිංචි කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහි දී අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *