කොවිඩ් වැලඳුනු ළමුන්ට තවත් ඉතා බරපතළ මාරන්තික රෝගයක් – විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත

කොවිඩ් වැලඳුනු ළමුන්ට තවත් ඉතා බරපතළ මාරන්තික රෝගයක් - විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත

කොවිඩ් වැලඳුනු ළමුන්ට තවත් ඉතා බරපතළ මාරන්තික රෝගයක් - විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත

‘කොවිඩ් 19’ රෝගය හා සම්බන්ධ ඉතා බරපතල තත්ත්වයක් දරුවන් සම්බන්ධයෙන් මතුව තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාරව සිටින විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පෙන්වා දෙයි.

ඔහු පවසන්නේ මෙය කොවිඩ් ආසාදනය වී සති 2ත් 6ත් අතර කාලය තුළ දරුවන්ට වැළඳෙන රෝගී තත්ත්වයක් බවත් දැනට එවැනි දරුවන් 06 ක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන බවයි.

කොවිඩ් රෝගය දරුවන්ට බරපතල සංකුලතා මතුනොකලත් මෙම නව තත්ත්වය ඉතා අවදානම් අතර දරුවන්ට සංකුලතා වැඩි බවද ඔහු පවසයි.

උණ,දැඩි ඇඟ වේදනාව,වමනය,බඩේ අමාරුව,පාචනය,ඇස් රතු වීම, හම මතුපිට රතු ලප හෝ දද මතු වීම යන රෝග ලක්ෂණ ඇත්නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හෝ රජයේ රෝහලක් වෙත කඩිනමින් දරුවා රැගෙන යන ලෙසත් නිසි වෙලාවේදී ප්‍රතිකාර නොලැබුණහොත් මිය යාමට වුවද ඉඩ තිබෙන බවත් වෛද්‍ය කිතුල්වත්ත මහතා වැඩිදුරටත් පවසයි.

මෙය ශරීරයේ අභ්‍යන්තර අවයව රැසකට හානිදායක ලෙස බලපාන බවයි ඔහු කියා සිටින්නේ.

ඒ අනුව ඇස්,හම, හෘදය,පෙනහළු,වකුගඩු,අක්මාව ආදී ඉන්ද්‍රීය රැසකට හානි කරන බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.

මෙම රෝගී තත්ත්වය හදුනා ගෙන ඇත්තේ 2020 වසරේ අප්‍රේල් මාසයේදී වන අතර අවුරුදු 01ත් 20ත් අතර පසුවන අයට වැළඳෙන රෝගී තත්ත්වයක් ලෙස දැනට හඳුනා ගෙන තිබේ. මෙරටින් හඳුනා ගෙන ඇත්තේ වයස අවුරුදු 08ත් 15ත් අතර වයසේ දරුවන් බව ද වෛද්‍යවරයා කියා සිටියි.

මෙරටදී හඳුනාගත් රෝගී දරුවන් සියලු දෙනාටම කොවිඩ් රෝගය වැළඳී ඇති දරුවන් බවත් ඇතැම් දරුවන්ට කොවිඩ් අසාදනය වී ඇති බවට පෙර හඳුනාගෙන හෝ නොමැති අතර මෙම රෝගී තත්ත්වය ගැන පරීක්ෂා කිරීමේදී කොවිඩ් රෝගය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන තිබේ.

වෛද්‍යවරයා ඒ සම්බන්ධයෙන් (19) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්:

”මෙය ඉතා භයානක තත්ත්වයක්. ඇමරිකාව, එංගලන්තය වැනි රටවලිනුත් මෙය වාර්තා වෙලා තියෙනවා. එම රටවල දරුවන් මේ රෝගී තත්ත්වය නිසා මිය ගොස් තිබෙනවා. ලංකාවෙත් දැන් එය තිබෙනවා. දැනට හමුවෙලා තිබෙන රෝගී දරුවන් 06 දෙනා කොළඹ අවට ප්‍රදේශ වලින් වාර්තා වෙලා තියෙන්නේ. වැලිමඩ ප්‍රදේශයෙනුත් එවැනි රෝගී දරුවෙක් හමුවුණා. එම දරුවා බදුල්ල රෝහලට යොමුකර ප්‍රතිකාර ලබා සුවය ලබා තිබෙනවා. අපි විශ්වාස කරනවා මෙම තත්ත්වය රට පුරා ව්‍යාප්ත වෙලා ඇති කියලා.

ඒ නිසා දරුවන් ගැන අවදානයෙන් පසුවෙන්න. කිසියම් හෝ රෝගී තත්ත්වයක් ඇත්නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හෝ රජයේ රෝහලක් වෙත යොමුවෙන්න කියල ඉල්ලනවා. කොවිඩ් රෝගය සමඟමත් මෙම රෝගය වැළදෙන්න පුළුවන්.

පවතින කොවිඩ් තත්ත්වයත් එක්ක රෝහලට පැමිණීමට බිය වෙන්න එපා. දරුවන්ට මෙවැනි යම් කිසි හෝ රෝග ලක්ෂණයක් ඇත්නම් වහාම රෝහලට එන්න. රෝගය උත්සන්න වීමට හේතුවක් තමයි නිසි වෙලාවට නිසි ප්‍රතිකාර ලබා නොගැනීම.

මෙය ඕනෑම කොවිඩ් ප්‍රභේදයකට ඇති වෙන්න පුළුවන්.

ඒ වගේම තමයි වැඩිහිටි අයට හැදෙනවද නැද්ද කියන්න තවම ප්‍රමාණවත් තොරතුරු නැහැ. තවම මෙය අලුත් තත්ත්වයක් නිසා. පවතින තත්ත්වය සමඟ දරුවන් කෙරෙහි අවදානයෙන් ඉන්න.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *