ඉරාන ජනපති ධුරයට දැඩි මතධාරි ඊබ්‍රහීම් රායිසී

ඉරාන ජනපති ධුරයට දැඩි මතධාරි ඊබ්‍රහීම් රායිසී

ඉරාන ජනපති ධුරයට දැඩි මතධාරි ඊබ්‍රහීම් රායිසී

ඉරාන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට දැඩි මතධාරියකු වන ඊබ්‍රහීම් රායිසී සමත් වී සිටින බව ඉරාන අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඡන්ද මිලියන 28.6 ක් ගණන් කර අවසන් වෙද්දී, ඊබ්‍රහීම් රායිසී දිනා ගෙන තිබූ ඡන්ද ගණන මිලියන 17.8 කි. තම අට වසරක ධුර කාලය අවසන් කරමින් ජනාධිපති ධුරයට සමුගන්නා හසන් රොව්හානී, ඊබ්‍රහීම් රායිසී සුබ පැතුවේය. ඒ, ජනතාවගේ තේරීම, ඊබ්‍රහීම් රායිසී වීම ගැන තමන් සතුටු වන බව ද පවසමිනි. හසන් රොව්හානී, ඉරාන ජනාධිපති ධුරයෙන් සමුගන්නේ ලබන අගෝස්තුවේය.

ඉරාන ජනාධිපතිවරණය පසුගිය සිකුරාදා (18) පැවැත්වූයේ ‘කොවිඩ් 19’ කොරෝනා වයිරසයේ සිවුවැනි රැල්ල මධ්‍යයේය. ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි ගණන මිලියන 59 ක් සුදුසුකම් ලබා සිටියත්, වසංගතය හේතුවෙන් ඡන්ද පොළ වෙත පැමිණියේ අඩු පිරිසකි. කොරෝනා වසංගතය හේතුවෙන් දරුණු ලෙස බැට කන මැදපෙරදිග රාජ්‍යය වන්නේ ඉරානයයි. ඉරානය, සිවුවැනි කොරෝනා රැල්ලට මුහුණ දෙන්නේ ඇමෙරිකන් සම්බාධක මධ්‍යයේය.

60 හැවිරිදි ඊබ්‍රහීම් රායිසී ඉරානයේ අගවිනිසුරුවරයාය. මීට පෙර 2017 වසරේ පැවැති ජනාධිපතිවරණයට ද රායිසී ඉදිරිපත් වූ නමුත්, හසන් රොව්හානී හමුවේ පරාජයට පත් විය. අලී කොමේනිගෙන් පසු ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා වීමට සුදුස්සකු බව පැවැසනේනේ ද ඊබ්‍රහීම් රායිසී ය.

ඉරානයේ බලගතුම තැනැත්තා වන්නේ ඉරාන උත්තරීතර නායකයාය. 1989 වසරේ සිට ඉරාන උත්තරීතර නායකයා ලෙස එම තනතුර හොබවන්නේ අයතුල්ලා අලී කොමේනීය. විදේශ ප්‍රතිපත්ති, රටේ නීති පද්ධතිය, රාජ්‍ය මාධ්‍ය සහ විප්ලවීය හමුදාව ද පාලනය වන්නේ උත්තරීතර නායකයා යටතේය. ඉරාන ජනාධිපතිවරයා සිටින්නේ, ඉරාන උත්තරීතර නායකයාට පහළිනි.

නව ජනාධිපතිවරයා ලෙස ඊබ්‍රහීම් රායිසී ට ඇති ලොකුම අභියෝගය වනු ඇත්තේ වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සමඟ සාකච්ඡා පවත්වා යළි එම න්‍යෂ්ටික වැඩසටහනට ඇමෙරිකාව සම්බන්ධ කර ගැනීමය. එසේ වුවහොත්, ඇමෙරිකාව ඉරානයට පනවා ඇති සම්බාධක ඉවත් වීමක් සිදුවෙයි. ජෝ බයිඩන් පරිපාලනය ද පවසා ඇත්තේ යළි ඇමෙරිකාව එම න්‍යෂ්ටික එකඟතාවට ඇතුළත් කිරීමට සූදානම් බවය. එපමණක් නොව, ‘කොවිඩ් 19’ වසංගතය හමුවේ කඩා වැටුණු ආර්ථිකය පණ ගැන්වීම ඉරාන නව ජනාධිපතිවරයාගේ ප්‍රධානතම අභියෝගය වනු ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *