PCR පරීක්ෂණ ප්‍රමාණය පස් ගුණයකින් වැඩිකළ යුතුයි; පරීක්ෂණ වැඩි නොකරන ලොක් ඩවුන් තේරුමක් නෑ – රජයේ හෙද නිලධාරින්ගේ සංගමය

PCR පරීක්ෂණ ප්‍රමාණය පස් ගුණයකින් වැඩිකළ යුතුයි; පරීක්ෂණ වැඩි නොකරන ලොක් ඩවුන් තේරුමක් නෑ - රජයේ හෙද නිලධාරින්ගේ සංගමය

PCR පරීක්ෂණ ප්‍රමාණය පස් ගුණයකින් වැඩිකළ යුතුයි; පරීක්ෂණ වැඩි නොකරන ලොක් ඩවුන් තේරුමක් නෑ - රජයේ හෙද නිලධාරින්ගේ සංගමය

රට ලොක් ඩවුන් කර මේ ආකාරයට පවත්වාගෙන යෑමෙන් ප්‍රතිඵලයක් ලබාගත නොහැකි බවත් ඉන් ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය කර ඇති පැහැදිලි කිරීම අනුව පරීක්ෂණ ප්‍රමාණය පස් ගුණයකින් වැඩිකළ යුතු බවත් රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසයි.

එසේ පරීක්ෂණ ප්‍රමාණය වැඩිකිරීම මගින් රටේ මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවෙන් හතරෙන් තුනක් පමණ හඳුනාගත හැකි බවත් එසේ හඳුනාගන්නා ආසාදිතයින්ව වෙන්කිරීම හා ප්‍රතිකාර සඳහා යොමු කිරීම මගින් පමණක් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි බවත් ඔහු අවධාරණය කරයි.

එසේම මේ වනවිට රටේ රෝහල් තුළ කොවිඩ් පරීක්ෂණ නොකරන තත්වයට පත්වී ඇති බවත් ඊට හේතුව ආරක්ෂිත පහසුකම් ලබානොදීම නිසා හෙද නිලධාරින් එම පරීක්ෂණ කටයුතුවලින් ඉවත් වී සිටීම බවත් ඔහු පවසයි. රජයේ රෝහල්වල කොවිඩ් පරීක්ෂණ සැත්කම් ආදී අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *