පාස්කු ප්‍රහාරය ගැන බිය ගන්වා කප්පම් ගන්නා කල්ලියක් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

දුරකතනයය ඔස්සේ ඇමතුම් ලබා දෙමින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයකු බවට තොරතුරු ලැබී ඇති බවට බියගන්වා විවිධ පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගන්නා කණ්ඩායමක් ක්‍රියාත්මක වන බැවින් ජනතාවට ප්‍රවේසම් වන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මෙලෙස ඇමතුම් ලබා දෙන පුද්ගලයින් උසස් පොලිස් නිලධාරියකු බව පවසා කතා කරන බවත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයකු බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ සඳහා විමර්ශන නොකර සිටීමට හෝ පොලිස් ස්ථානය වෙත නොගෙන්වා අදාල ප්‍රශ්නය සමථයකට පත්කර කිරීමේ හැකියාව ඇති බවත් ඒ සඳහා යම් මුදලක් තැන්පත් කළ යුතු බවත්, ඊට අදාළ ගිණුම් අංකයක් ද ලබාදී වංචාකාරී ලෙස මුදල් එකතු කර ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මේ සම්බන්ධයෙන් වන පැමිණිලි 50කට ආසන්න ප්‍රමාණයක් විවිධ ප්‍රදේශවලින් ලැබී ඇති බවත් 17වන දින දී පමණක් පැමිණිලි තුනක් ලැබුණු බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මෙම ව්‍යාජ ඇමතුම්වලට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *