(VIDEO) හරීන්ගේ නිවස පොලීසියෙන් හදිසියේම වටලයි

(VIDEO) හරීන්ගේ නිවස පොලීසියෙන් හදිසියේම වටලයි

(VIDEO) හරීන්ගේ නිවස පොලීසියෙන් හදිසියේම වටලයි

(17) පස්වරු.01.30ත් 02.00ත අතර කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ වත්තල ප්‍රදේශයේ පිහිටි නිවසට හදිසියේම පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණ තිබේ.

නිල ඇඳුමින් සහ සිවිල් ලෙස එම පොලිස් නිලධාරීන් පැමිණ ඇති අතර පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එලෙස පැමිණ ඇති බව සඳහන්.

සිද්ධියට අදාළව මන්ත්‍රීවරයා හඬ පටයක් නිකුත් කරමින් පවසන්නේ සිය නිවසට සම්බන්ධ කර තිබෙන CCTV දර්ශන මඟින් දැක ඇත්තේ සිය නිවස ඉදිරිපිට විශාල පොලිස් කණ්ඩායමක් පැමිණ සිටින අයුරු හා පොලිස් ජීප් රථ තුන හතරකින් ඔවුන් පැමිණ ඇති අතර තවත් නිලධාරීන් පිරිසක් මාර්ගයේ සිට සිය නිවසට පැමිණෙන අයුරුත්ය.

එම අවස්ථාවේ මන්ත්‍රීවරයා පොලිස් නිලධාරීන් සමඟ කතා කර ඇති අතර නිවසට බස් රථයකින් 30ක පමණ පිරිසක් පැමිණෙමින් සිටින බවට ලද තොරතුරකට අනුව එලෙස පැමිණි බවට එහි සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් පවසා තිබේ.

මෙහිදී සිය නිවස තුළට පැමිණ බලන ලෙසත් මන්ත්‍රීවරයා පවසා ඇති අතර තමන් නිවසේ එම අවස්ථාවේ රැස්වීමක් හෝ වෙනත් කිසිවක් නොමැති බවද මන්ත්‍රීවරයා පවසා ඇත.

එම අවස්ථාවේ එහි සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට දුරකථන ඇමතුමක් ලැබුණු බවත් ඔහු එම ඇමතුමට සම්බන්ධ වෙමින් තමන්ට කිසිත් නොපවසාම සෙසු නිලධාරීන්ද සමඟ නිවසින් පිටව ගිය බවත් මන්ත්‍රීවරයා පවසයි.

තමන් ඒ අවස්ථාවේ දිවා අහාරයද ගෙන සැහැල්ලු ඇඳුමකින් සැරසී සිටි බවත් එය පොලිස් නිලධාරීන්ද දුටු බව හරීන් ප්‍රනාන්දු මහතා සිද්ධිය සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන හඬ පටයේ සඳහන්ව තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *