Type to search

TNA නායකයෝ ඉන්දීය මහ කොමසාරිස් හමුවෙති

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා ඇතුළු නියෝජිතයෝ පිරිසක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා එම කොමසාරිස් කාර්යාලයේ දී (17) පෙරවරුවේ හමුවූහ.

බලය බෙදීම, උතුරු නැගෙනහිර පළාත් ඇතුළු ශ්‍රී ලංකාවේ සංවර්ධනය ඇතුළු කාරණා කීපයක් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වරයා සමග මෙහිදී සාකච්ඡා කළ බව එම පක්ෂ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ දහ තුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ අභිමානය උදෙසා දමිල ප්‍රජාවගේ අභිලාෂයන් ආමන්ත්‍රණය කෙරෙන ශ්‍රී ලංකාවේ සංහිඳියාව වෙනුවෙන් ඉන්දියාව දිගු කාලිනව සහයෝගය ලබා දෙන බවයි.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *