ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නිසා CocaCola සමාගමට බිලියන 4ක් පාඩුවක්

ලොව සුප්‍රකට පාපන්දු ක්‍රිඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩො විසින් CocaCola වීදුරු බෝතල් දෙකක් පසුගිය දිනයකි දී පැවති මාධ්‍ය හමුවකදී කැමරා කාචයට නොපෙනන අයුරින් පසෙකලා තැබීමේ වීඩියෝවක් නිසා CocaCola සමාගම මේ වන විට සිය කොටස් වලින් බිලියන 4ක පාඩුවක් අත් විඳ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පෘතුගාල කණ්ඩායමේ ප්‍රබල පාපන්දු ක්‍රිඩකයෙකු වන ක්‍රිස්ටියානෝ මේ වනවිට UEFA EURO 2020 තරඟාවලියට සහභාගි වී ක්‍රිඩා කරමින් සිටියි.

F කාණෟඩයේ හංගේරි කණ්ඩායමට එරෙහිව තරඟයට පෙර සාමාන්‍ය පරිදි පැවති මාධ්‍ය හමුවේදී ඔහු මෙම ක්‍රියා සිදු කර ඇති අතර එය නොසිතූ අන්දමින් මේ වනවිට සමාජයේ වෙනසකට මුල පිරිමින් තිබේ.

එහි දි ඔහු CocaCola බෝතල් දෙක ඉවත් කර තබා පානීය ජල බෝතලය ඔසවා ජලය පානයට වඩාත් සුදුසු බව හඟවා තිබේ. මේ හේතුවෙන් CocaCola සමාගමට 1.6%ක පාඩුවක් ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුර වාර්තා කරන්නේ. මෙය ශ්‍රී ලංකාවේ වටිනාකමින් කෝටි 80,909ක් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *