(Video) මේ විධායක කමෙන් ඇති වැඩක් නෑ; අපි ලබා දුන් රට අපිට දෙන්න – මුරුත්තෙට්ටුවේ හිමි නැවතත් කියයි

(VEDIO) මේ විධායක කමෙන් ඇති වැඩක් නෑ අපි ලබා දුන් රට අපිට දෙන්න - මුරුත්තෙට්ටුවේ හිමි

(VEDIO) මේ විධායක කමෙන් ඇති වැඩක් නෑ අපි ලබා දුන් රට අපිට දෙන්න - මුරුත්තෙට්ටුවේ හිමි

විධායක බලයක් තිබෙන ජනාධිපතිවරයාට අපි කියනවා ජනතාව කෙරෙහි ආදරයක් තියෙනවා නම් මේ වෙලාවේ තෙල් මිල වැඩි කිරීම නතර කරන්න. එහෙම කරන්න බැරිනම් ඒ විධායක කමේන් වැඩක් නැතැයි මුරුත්තෙට්ටුවේ අනාන්ද හිමියන් පවසති.

අභයාරාමයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙලෙස අදහස් පළකරනු ලැබූ අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූවේ ” මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ කිව්ව දෙයක් තමයි එක මනුස්සයෙකු මේ විධායක බලය දෙන්න එපා කියලා. මේ අද වෙලා තියෙන්නේ ඒකයි. මේ වෙන දේවල් කෙරෙන කියන දේවල් දැක්කම කොරෝනාට යටත් කරගෙන යන්න පුළුවන් කමක් නැහැ. කෑම වේලක් කන්න නැතිව ජනතාව බොහෝම අසරණ තත්වයට පත් වෙලා ඉන්නේ. රට හදන්න අපි ආණ්ඩුව හැදුවේ. අපි ඇමතිකම් ඉල්ලුවේ නෑ. මේ ආණ්ඩුව බලයට පත් කරද්දි තිබුණු රට එක එක කොම්පැණි හදලා කෑලි විකුණන්නේ නැතිව අපි ලබා දුන් රට අපිට ලබා දෙන්න.” යනුවෙන් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *