යාපනය කීරිමලෙයි ජනපති මැදුර පෞද්ගලික අංශයට ලබා දීමට ජනතා විරෝධය

කැබිනට් අනුමැතිය ලත් සෙලන්දිවා ආයෝජන වැඩ පිළිවෙල යටතේ යාපනය කීරිමලෙයි ජනතාවගේ භූමියේ ගොඩනගන ලද ජනපති මැදුර පෞද්ගලික අංශයට ලබා දීමට යන බව කතා බහට ලක් වී ඇත.

යාපන නගරයේ සිට 20km ක් දුරින්, ඉන්දියානු ආයෝජනයෙන් ගොඩනගන ලද පලාලි ගුවන් තොටුපොළේ සිට 5.5km ක් දුරින් කීරිමලෙයි ජනපති මැදුර පිහිටා ඇත.

සෙලන්දිවා හෝල්ඩින්ග්ස් ආයතනය විසින් නිශ්චල දේපළ සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ කන්කසන්තුරේ ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානය පිහිටා ඇති අක්කර 5ක ප්‍රදේශය ආයෝජකයන් සඳහා ලබා දීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.

මේ අනුව තව දුරටත් නාවික හමුදාව යටතේ ඇති කීරිමලෙයි ජනපති මැදුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව බවට පත් කිරීම නමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙන්දේසි කිරීමට කටයුතු කර ඇති බව කාලෙයි කදීර් ප්‍රවෘත්ති පත්‍රයේ සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් වලිකාමම් උතුර නැවත පදිංචි කිරීමේ සංගමයේ සභාපති ගුණපාලසිංහ යාපනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී මේ බව පැවසීය.

ජනතාවගේ ඉඩම් ගැටළුවට විසඳුමක් නොදී රජය එම ප්‍රදේශය කෙසේ අනෙකුත් අයට ලබා දෙන්නේ දැයි ප්‍රශ්න කළේය. යාපනයේ  පැවති මාධ්‍ය හමුවක දී පළාත් සභාවේ හිටපු සභාපති C.V. ශිවාඥානම් මහතාත් මේ පිළිබඳව අදහස් දැක්වීය.

මෙම ගොඩනැගිල්ල පළාත් සභාවට භාර දෙන ලෙස තීන්දුව උතුරු පළාත් සභාවේ 2016 දී මා විසින් ඉදිරිපත් කරන ලදී. එම යෝජනාව ජනපතිට සහ අගමැතිට මා විසින් යවන ලද බවද ඔහු ප්‍රකාශ කරන ලදී.

වසංගත කාලයකදී එය හදිස්සියේ ලබා දීමට අවශ්‍ය වන හේතුව කුමක් දැයි ඔහු ප්‍රශ්න කළේය. අදාළ ප්‍රදේශය නාවික හමුදාව විසින් ඉඩම් අයිතිකරුවන්ට නිදහස් නොකළ බවත්, මේ ක්‍රියාවට ඔහුගේ විරුද්ධත්වය ද ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *