ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය වීම් බරපතළ ලෙස – GSP සහනය අත්හිටුවීමට නව යෝජනාවක්

ශ්‍රී ලංකා රජය මානව හිමිකම් ප්‍රතිසංස්කරණ සම්මත කර ගැනීම සහ බලාත්මක කිරීම මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට දිගින් දිගටම අපොහොසත් වී ඇති හෙයින් ජී.එස්.පී ප්ලස් සහනය තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් සලකා බලන්නැයි යුරෝපා කොමිසමෙන් ඉල්ලමින් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ බහුතරයකින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් සම්මත කර ගන ඇතැයි බ්‍රසල්ස් හී තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.

පාර්ලිමේන්තු මන්ත්‍රවරුන් 705 දෙනෙකුගෙන් සමන්විත යුරෝපා සංගම් පාර්ලිමේන්තුව තුළ අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 628 ක් ද, විරුද්ධව ඡන්ද 15 ක් ලැබී තිබන අතර තවත් 40ක් ඡන්දය දීමෙන් වැළකී සිට ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාවෙන් පැහැදිලි කර ඇති පරිදි, බරපතළ මානව හිමිකම් උල්ලංඝණය වීම් නැවත සිදුවීමක් සඳහා රටතුළ ඇති භයානක පසුබෑමක් ඇති බවට ද යුරෝපා සංගම් පාර්ලිමේන්තුව අදාළ යෝජනාවේ දැඩි කනස්සල්ල පළ කර තිබේ.

එබැවින් 2017 වසරේදී යුරෝපා කොමිසම විසින් ශ්‍රී ලංකාවට යළි ලබා දුන් ජී.එස්.පී.ප්ලස් බදු සහනය හා එහි ප්‍රතිලාභ තාවකාලිකව ඉවත් කර ගැනීමට යුරෝපා කොමිසම සලකා බැලිය යුතු බව යූරෝපා පාර්ලිමේන්තුව සම්මත කර ගත් එම යෝජනවේ සදහන් වේ.

තව ද සිවිල් සැකකරුවන් සෝදිසි කිරීම, අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සඳහා පොලීසියට පුළුල් බලතල ලබා දෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එහි සාමාජිකයින් දැඩි විරෝධයක් පළ කළ බවට ද වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *