පුත්තලමේ අරාබි විදුහලේ ගුරුවරුන් වෙනුවෙන්, සුමන්තිරන් මහතා ඉදිරිපත් කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගනී

පුත්තලමේ අරාබි විදුහලේ ගුරුවරුන් වෙනුවෙන්, සුමන්තිරන් මහතා ඉදිරිපත් කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගනී

පුත්තලමේ අරාබි විදුහලේ ගුරුවරුන් වෙනුවෙන්, සුමන්තිරන් මහතා ඉදිරිපත් කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගනී

පාස්කු ඉරිදා දින සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධ විමර්ශනයන් සඳහා අත්අඩංගුවට ගෙන, ජන වාර්ගිකයන් අතර විරෝධාකල්ප ඇති කළ බවට චෝදනා එල්ල කර අත්අඩංගුවට ගනු ලැබූ ජ්‍යෙෂ්ඨ නීතිඥ හිජාස් හිස්බුල්ලා සහ මවුලවි ගුරුවරුන් විසින් ගොනු කර ඇති මූලික මානව අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගෙන ඇත.

රැඳවුම් නියෝගයට විරුද්ධව, අවුරුදු 26 , 27 හැවිරිදි මොහොමඩ් ජවූෆර් ලුක්මාන් හකීම්, මොහොමඩ් නසුරුදීන් මොහොමඩ් වසීර් යන මවුලවි ගුරුවරුන් මෙම පෙත්සම, නීතිඥ බාලසූරිය මහතා මඟින් ගොනු කර ඇති තත්ත්වයක, ඊයේ දින එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුගේ මූලිකත්වයෙන් විභාගයට ගෙන ඇත.

මේ අවස්ථාවේ, පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා පෙනී සිටි අතර, වග උත්තරකරුවන් ලෙස නම් කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, පොලිස්පති ඇතුළු පිරිස වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය පෙනී සිටියේ ය.

මේ අවස්ථාවේ, වග උත්තරකරුවන් වශයෙන් නම් කර ඇති අයගෙන් මේ සම්බන්ධව උපදෙස් ලබා ගත යුතු බවද ඒ වෙනුවෙන් කාලය ලබා දෙන ලෙසද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය ඉල්ලා සිටියා ය. මෙය පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාග කිරීම එළඹෙන 21 වන දිනට කල් දමන ලදී.

මේ අනුව ඊයේ දින අදාළ පෙත්සම සම්බන්ධව ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා ආරම්භක දේශනය ඉදිරිපත් කළේය.

මෙය විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඔවුන් දෙදෙනාව කොළඹට ආසන්නව නැතහොත් නීතිඥයින් සමඟ පහසුවෙන් සම්බන්ධ විය හැකි පරිසරයක් බන්ධනාගාර බලධාරීන් සමඟ කතා කර සලසා දෙන ලෙස උපදෙස් ලබා දුනි.

කෙසේ වෙතත්, නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඒ සම්බන්ධව අධිකරණ තීන්දුවක් ඉල්ලා සිටි අතර, ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතාගේ ඉල්ලීම එලෙසම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය, නීතිපති ඉල්ලා සිටි නියෝගයට ද එකඟ විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *