සමගි ජනබලවේගය තුළ කුමන්ත්‍රණයක් නෑ, අනාගතය සජිත් ප්‍රේමදාසගේ හැසිරීම මත – චම්පික රණවක

සමගි ජන බලවේගයේ අනාගතය සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම මත - පාඨලී චම්පික රණවක

සමගි ජන බලවේගයේ අනාගතය සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම මත - පාඨලී චම්පික රණවක

සමගි ජන බලවේගයේ අනාගතය සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම සහ තවත් කාරණා මත තීරණය වනු ඇතැයි එහි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඉකුත් 2019 ජනාධිපතිවරණයේදී අවස්ථානුකූලව තිබූ හොඳම විකල්පය ලෙස සජිත් ප්‍රේමදාස මහතා වූ බැවින් ඒ අනුව කටයුතු කළ බව කී මන්ත්‍රීවරයා තමා කිසිවෙකුට මඩ ගසන දේශපාලනයක නිරත නොවන බව ද සඳහන් කරයි.

පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ කොළඹ දී (9) පැවැත්වූ මාධ්‍ය හමුවක දී ‘සමගි ජනබලවේගය තුළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේද?’ යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

සජිත් ප්‍රේමදාස මහතා වෙනුවට රනිල් වික්‍රමසිංහ මහතා විපෂක්‍නායක පුටුවේ අසුන්ගැන්වීමට කුමන්ත්‍රණය කළේ දැයි මෙහිදී මාධ්‍යවේදියකු රණවක මහතාගෙන් ප්‍රශ්න කළ අතර එහිදී ඔහු පැවසුවේ සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා කිරීමට පෙරමුණ ගත්තේ ද තමා බවත්, තමන් කිසිම කෙනකුට යටින් මඩ ගහන වැඩ කරන්නේ නැති බවත්ය.

විවේචනයක් ඇත්නම් තමා එය කෙලින් ප්‍රකාශ කරන බව කී මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ මහතා මේ රට පරම්පරික ප්‍රභූ පන්තියේ නෂ්ටාවශේෂයක් යැයිද ද ප්‍රකාශ කරයි

තමන් සිහින දකින්නේ රටේ පවුල් වාදයට උරුම වී තියෙන මේ දේශපාලනය රටේ නිපුණතාවය හා හැකියාව ඇති පරම්පරාවට උරුම කර දීමට බව ද කීවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *