පොලිස් මාංචු දමා සිටියදී ජීවිතක්ෂයට පත් වූ චන්ද්‍රන් විදූෂන්ගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්න – චානක්‍යන්

පොලිස් භාරයේ සිටියදී ජීවිතක්ෂයට පත් වූ මඩකලපුවේ, ඉරුදයපුරම් හි පදිංචි චන්ද්‍රන් විදූෂන්ගේ පවුලේ සාමාජිකයින් හමු වී කතාබහ කළ ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. චානක්‍යන්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සත්‍ය සොයා බලා නීතිමය විමර්ශනයන් සිදු කර ඇත්දැයි ප්‍රශ්න කර ඇත.

පොලීසියෙන් යැයි පවසා මඩකලපුවේ, ඉරුදයපුරම් දකුණු ප්‍රදේශයේ නිවසක සිට පසුගිය බදාදා දින රාත්‍රී 10.30ට පමණ රැගෙන ගිය චන්ද්‍රන් විදූෂන් (22 හැවිරිදි) යන තරුණයා ජීවිතක්ෂයට පත්වීම විමතියට කරුණකි.

මෙම තත්ත්වය මත ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. චානක්‍යන් මහතා, එම තරුණයාගේ නිවසට ගොස්, ඔහුගේ මව හමු වී මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමසන ලදී.

මේ සම්බන්ධයෙන් චානක්‍යන් මහතා ඔහුගේ නිළ ට්විටර් ගිණුමේ තබා ඇති සටහනක, “පොලිස් ආරක්ෂාව යටතේ සිට මිය ගිය තරුණයාගේ පවුලේ අය හමුවුණෙමි. අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය පානය කළ හෙයින් ඔහු මිය ගිය බව ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සටහන් කර ඇති බව ඔහුගේ ට්විටර් පණිවිඩයේ සඳහන් කර ඇත.”

තවද ‘ එම තරුණයා මාංචු දමා සිටියදී ප්‍රහාරයට ලක් වී ඇත. එපමණක් නොව ඔහු මිය යන විට පොලිස් ආරක්ෂාව යටතේ සිටියේ ය.

මෙම සිද්ධිය සම්බන්ධ සත්‍ය තොරතුරු සොයාගෙන, නීතිමය විමර්ශන සිදු කරන්නේදැයි ඔහු ප්‍රශ්න කළේය.

‘ මාගේ සහෝදරයා බදාදා දින රාත්‍රී 10.30ට පමණ අත්අඩංගුවට ගෙන අපගේ නිවස ඉදිරිපිටදීම දැඩි පහර දීමකට ලක් විය.

පසුව ඔහු ජීවිතක්ෂයට පත් වූ බවට බ්‍රහස්පතින්දා උදෑසන දැනුම් දුන්හ.’ යනුවෙන් විදූෂන්ගේ සහෝදරිය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාධ්‍ය සංවිධානය වෙත ප්‍රකාශ කර ඇත.

එමෙන්ම මේ සම්බන්ධයෙන් තම ට්විටර් ගිණුමෙහි සටහනක් තබා ඇති ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සංවිධානයේ හිටපු කොමසාරිස් නීතිඥ අම්බිකා සට්කුනනාදන්, ‘ අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය ගැනීම නිසා මෙම මරණය සිදු වී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇත.

එසේ වුවත් එම තරුණයාට නිවස ඉදිරිපිටදීම පහර දුන් බව ඔහුගේ සහෝදරිය දන්වා ඇති හෙයින්, වධහිංසාවලට ලක් නොවුණු බවට ප්‍රකාශ කළ නොහැකි බව ඇය පවසා ඇත.

එමෙන්ම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කළ යුතුයි. තවද මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සිරගත කිරීමේදී ගන්නා ක්‍රමෝපායන් සම්බන්ධ තොරතුරු ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානය විසින් නිකුත් කරන ලද සිරකඳවුරු සම්බන්ධ නිබන්ධනවල ඇතුළත් කර ඇති බවද ඇය පෙන්වා දී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *