(VIDEO) වොයිස් කට් නිකායේ, මැඩිල්ලේ හිමිට සාගරය ගැන තිබෙන විද්‍යාත්මක දැනුම මොනවාද ? – අසේල සම්පත්

(VIDEO) මැඩිල්ලේට සාගරය ගැන තිබෙන විද්‍යාඥතාව මොකක්ද? මැඩිල්ලේ පිටිපස්සේ යන ඇබිත්තියා සංජීවට තියෙන දැනුම මොකක්ද?මේගොල්ලෝ වොයිස් කට් නිකායේ කට්ටිය; මුන් සේරම ජරාව කාලා ඉන්නේ - අසේල සම්පත්
අපගේ මුහුදු කලාපය තුළ අනතුරට පත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පරිසර නොමැති බව පැවසීමට මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ට සහ ඔහුගේ අබිත්තියා වන සංජීව නමැත්තාට සාගරය ගැන හෝ මෙවැනි කාරණා සම්බන්ධයෙන් ඇති විද්‍යාත්මක දැනුම කවරේද යන්න මහජන අයිතීන් සුරැකීමේ ව්‍යාපරයේ කැඳවුම්කරු අසේල සම්පත් මහතා ප්‍රශ්න කර සිටියේය.
ඒ, (07) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
එම නෞකාවෙන් දැනටමත් මුහුදු වෙරළට විශාල හානියක් සිදුව ඇති මොහොතක එම ප්ලාස්ටික් බෝලයෙන් බෝලයට ඉවත්කරන තත්ත්වයක මැඩිල්ලේ හිමි ඛනිජ තෙල් සංස්ථාවේ ඉංජිනේරුවෙක් ද රැගෙන වෙරළට පැමිණ සාගරයට හානියක් සිදුව නොමැති බව පවසන්නේ මේ සියලු දෙනා ඩොලර් වලින් ජරාව කා ඇති නිසා බව අසේල සම්පත් මහතා සඳහන් කළේය.
”මුන්ට ගහන්න ඕනේ එලව එලව. මැඩිල්ලේට සාගරය ගැන තිබෙන විද්‍යාඥතාව මොකක්ද? මැඩිල්ලේ පිටිපස්සේ යන ඇබිත්තියා සංජීවට තියෙන දැනුම මොකක්ද මහා සාගරය, මුහුදු ජීවින්,කොරල් පර සම්බන්ධව,නැවෙන් පිටවන රසායනික ද්‍රව්‍ය වලින් මුහුද අපිරිසිදු වීම ගැන. මේගොල්ලෝ වොයිස් කට් නිකායේ කට්ටිය. මෙයාලට ඩොලර්ස් හම්බෙනකොට දුවනවා වැල්ලට. ඒ නිසා පර්ල් එක්ස්ප්‍රස් නැවට වඩා වේගවත් වුණා මැඩිල්ලේ එක්ස්ප්‍රස් එක. ඒ නිසා මුන් සේරම ජරාව කාලා ඉන්නේ. අපි බය නැහැ අපි ජරාව කෑවේ නැති නිසා. අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා එක එක බළල්ලු ලවා කොස් ඇට බාවන්නේ නැතිව මේ නැව ඇතුළට ගත්තේ කවුද? මේ නැවේ ආපු වර්ග මොනවද? කියල හෙළිකරන්න. මම දැක්කා අර ඉංජිනේරුවා කියනවා මැඩිල්ලේ හාමුදුරුවෝ පිටිපස්සේ තියාගෙන මේකේ ඇවිල්ලා තියෙන්නේ සෝඩා,පොලිතින් කියල. ඕකේ ආපුව එයා දන්නේ කොහොමද? මේ රටේ මාධ්‍ය දන්නෙත් නැහැ නැවේ ආවේ මොනවද කියල. තෙල් සංස්ථාවේ මහත්තයට කියනවා හාමුදුරුවොත් එක්ක යන්න තෙල් සංස්ථාවෙන් තෙල් පිටවෙලා අන්න ප්‍රදේශ ගණනාවක් දුෂණය වෙලා. අන්න එතනට ගිහින් තමන්ලගෙන් වුණ වැරැද්ද කියන්න. අන්න ඒවයි වැඩ. ඔයා මොකටද වැල්ලට දුවන්නේ.” යනුවෙන් ඔහු වැඩිදුරටත් කරුණු දැක්වීය.