සංචරණ සීමා හේතුවෙන් ලංගමට දින 17ක් තුළ කෝටි 136ක් පාඩුයි

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට පැනවූ සංචරණ සීමා හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට 06 වන දින තෙක් එනම් දින17ක් තුළ සිදුව ඇති අලාභය රුපියල් මිලියන 1360ක් බව එහි සභාපති නිතිඥ කිංස්ලි රණවක මහතා ‘දිනමිණ‘ට පැවසීය.

දිනක් තුළ ධාවනය වන බස් රථ හේතුවෙන් දිනකට රුපියල් මිලියන 80කට අධික ආදායමක් උපයන බව කියා සිටි සභාපතිවරයා ඉකුත් මැයි මස 21 සිට 6 වන දින දක්වා මෙම අලාභය සිදුව ඇති බව ද කියා සිටියේය.

දිනකට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 5000ට ආසන්න සංඛ්‍යාවක් දිවයින පුරා ධාවනය කෙරිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *