ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න; රංගන හේරත් බංග්ලාදේශයේ දඟ පන්දු පුහුණුකරු ලෙසට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න මහතා පත්වීම ලබා ගනිද්දී හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් මහතා බංග්ලාදේශයේ දඟ පන්දු පුහුණුකරු ලෙස පත්වීම් ලබයි. මේ දෙදෙනා (01) සිට අදාළ රාජකාරී භාර ගැනීමට නියමිත තිබිණි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පුහුණුකරු ලංකා ද සිල්වා මෙයට පෙර එම තනතුරේ කටයුතු කළ අතර, ඔහුගේ ධූර කාලය ඉකුත් වීම හේතුවෙන් හෂාන් තිලකරත්න මහතාට මෙම අවස්ථාව හිමි විය. වසර 20කට පෙර පාකිස්තානයේ ලාහෝර් නුවරදී ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ සාමාජිකයකු වූ හෂාන් තිලකරත්න මහතා ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිලේ පුහුණුකරු ලෙස මෙතෙක් කටයුතු කළේය.

වසර 2018දී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් රංගන හේරත් මහතා පුහුණුකරුවකු ලෙස ජාතික කණ්ඩායමකට එක් වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. මෙතෙක් බංග්ලාදේශ ක්‍රිකට් පිලේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස නවසීලන්තයේ ඩැනියෙල් විටෝරී මහතා කටයුතු කළ අතර, ඔහුගේ සේවා කාලය අවසන් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

53 හැවිරිදි හෂාන් තිලකරත්න මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් තරගයට 1989දී එක් වී 2004දී සමුගන්නා කාලය අතරතුර ටෙස්ට් තරග 83කට සහභාගී වී ශතක 11ක් හා අර්ධ ශතක 20ක් සමග ලකුණු 4545ක් රැස්කිරීමට සමත් වූ අතර, 1986දී එක්දින තරග බිමට පිවිස 2003දී එක්දින පිටියෙන් සමුගනිද්දී අන්තර්ජාතික තරග 200කට සහභාගී වී තිබිණි. එහිදී ශතක 2ක් හා අර්ධ ශතක 13ක් සමග ලකුණු 3789ක් රැස් කිරීමට හෙතෙම සමත් විය.

43 හැවිරිදි රංගන හේරත් මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් තරගයට 1999දී එක්වී 2018දී සමුගන්නා කාලය අතරතුර ටෙස්ට් තරග 93කට සහභාගී වී කඩුලු 433ක් ලබාගත් අතර, තරගයකදී කඩුලු 10ට වැඩියෙන් අවස්ථා 9ක් වාර්තා කිරීමට සමත්විය. 2004දී එක්දින තරග බිමට පිවිස 2015දී එක්දින පිටියෙන් සමුගනිද්දී අන්තර්ජාතික තරග 71කට සහභාගී වී කඩුලු 74ක් බිඳ හෙළීමට හෙතෙම සමත් විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *