එන්නතක් රුපියල් 5000 කට අළෙවි කල බවට මුහුණු පොතේ සටහන් තැබු කළමනාකරුවකු අත්අඩංගුවට

එන්නතක් රුපියල් 5000 කට අළෙවි කල බවට මුහුණු පොතේ සටහන් තැබු කළමනාකරුවකු අත්අඩංගුවට

එන්නතක් රුපියල් 5000 කට අළෙවි කල බවට මුහුණු පොතේ සටහන් තැබු කළමනාකරුවකු අත්අඩංගුවට

කලවාන තපස්සරකන්ද එන්නත් කිරීමේ මධ්‍යස්ථානයට ගොස් ග්‍රාම නිලධාරිවරියට බැනවැදි නිවෙසට පැමිණ එම එන්නත් රුපියල් 5000 කට අළෙවි කල බවට මුහුණු පොතේ සටහන් තැබු තේ දළු කර්මාන්ත ශාලාවක කළමනාකරුවකු අත්අඩංගුවට ගත් බව කලවාන පොලිසිය කියයි.

කලවාන තපස්සරකන්ද විද්‍යාලයේදී පැවැත්වූ එම එන්නත් කරන වැඩ සටහන ඡන්ද හිමි නාමලේඛනයට අනුව සිදු කල බවත් එම පුද්ගලයා එම ස්ථානයට පැමිණ බාධා කරමින් කටයුතු කළ බව අදාළ ග්‍රාම නිලධාරිවරිය පොලිසියට පැමිණිලි කර තිබේ.

ඉන් අනතුරුව ඔහුගේ මුහුණු පොතේ සටහනක් තබමින් ග්‍රාම නිලධාරිවරිය එම එන්නත් රුපියල් 5000 කට අළෙවි කර ඇති බව සටහන් කර තිබෙන බවත් ග්‍රාම නිලධාරිවරිය පොලිසියට පැමිණිල්ලේ සඳහන් වෙයි .

ඒ අනුව කලවාන පොලිසිය මගින් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයා සමාව ඉල්ලු බවත් වාර්තා වෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *