Pearl එකත් Diamond වෙන ලකුණු ලංකාවට අහිමිවු රුපියල් කෝටි අටදාහේ කතාව

සාමාන්‍යයෙන් නැවකට විරුද්ධව නඩු දැමීම අපහසු කටයුත්තක්. නෑ මේ හිමිකරු එක තැනක සිටින අතර ඔහු ජීවත් නොවන තවත් තැනක නැව ලියාපදිංචි කර නඩු කීම අපහසු කාර්යයක් බවට පත්කරයි. නව ලියාපදිංචි කිරීමේ දී ද නඩු දැමීමට නොහැකි ලෙස නඩු වලින් රිංගා යෑමට පහසු රටක ලියාපදිංචි කරයි. නැවකින් යමෙකුට හෝ යම් රටකට හානියක් සිදු වුවහොත් එම නැව ඇපයට තබාගෙන වන්දි පිළිබඳ සාකච්ඡා පැවැත්වීම සාමාන්‍ය සිරිතයි. සාකච්ඡා අසාර්ථක වුවහොත් නැව තවමත් රටේ නෛතික මායිම තුළ තිබෙන නිසා එම රටේ නීති රීති අනුව නඩු පවරා වන්දි ලබා ගන්නට හැකි වෙයි.

New Diamond නෞකාව ගිනිබත් වූ අවස්ථාවේ ලංකාව එය නිවා දැමූවත් නැව බේරාගෙන ගොඩබිමට ආසන්න තැනකට රැගෙන ඒමේ (salvage) ක්‍රියාවලියට ලංකාව සම්බන්ධ වූයේ නැත. ඒ වෙනුවට නැව් සමාගමෙන් වෙනත් සමාගමකට මෙය පවරා තිබිණි. ආශ්චර්යමත් දෙයක් වූයේ ලංකාව එයට විරුද්ධ නො වීමයි. මේ හරහා වන්දි වශයෙන් ලැබිය යුතු ව තිබිණු ඩොලර් මිලියන 400කට ආසන්න ප්‍රමාණයක් (රුපියල් වලින් කෝටි අටදාහකට ආසන්න ප්‍රමාණයක්) ලංකාවට අහිමි වුණා. නමුත් එයින් කොටසක් වත් කාගේ හෝ සාක්කුවට වැටී ඇති බවට සැක කරන්නට හේතු සාධක තිබේ.

New Diamond නෞකාවේ ගින්න නිවා දැමීමෙන් පසු එය ලංකාවෙන් පිටතට ඇදගෙන යා යුතු බවට සූක්ෂම ලෙස ජන මනස සෑදීමට එක් මාධ්‍ය ආයතනයක් දිගින් දිගට ම ඉදිරිපත් වුණා. නැව ලංකාවෙන් පිටතට යෑම ලංකාවට අවාසි යැයි සිතීම වෙනවට ලංකාව ආරක්ෂා කිරීමේ ක්‍රමයක් ලෙස ජනතාව එය හඳුනා ගන්නා තත්වයක් එයින් ඇති වුණා. එම නිසා නැව ගැඹුරු මුහුදට ඇදගෙන යෑමට ඉඩ දුන් ලංකාවේ මෝඩ හෝ තකතීරු තීරණයට ජන කැළඹීමක් ඇති වූයේ නැහැ. මෙම සූක්ෂම මාධ්‍ය මෙහෙවර ඉටු කළේ මෝඩකම නිසා ද නැතිනම් මුදල් කොන්ත්‍රාත්තුවක් මත සිදුවූවක් ද යයි පැහැදිලිව කීමට සාක්ෂි නැත.

New Diamond නෞකාවේ ගින්නේ නිවීමෙන් පසු ඒ පිළිබඳව මාධ්‍ය ඉදිරිපත්වූ වාර්තා පහලින්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *