“ජන සංහාරය වසන් කිරීමට ලංකා රජය ප්‍රබල උත්සාහයක” – ඔන්ට්‍රාරියෝ ව්‍යවස්ථා සම්පාදක නියෝජිත විජයි

ද්‍රවිඩ ජන සංහාරය වසන් කිරීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරන බව කැනඩාවේ ඔන්ට්‍රාරියෝ පළාතේ ස්කාබරෝ, රුචිබාත් මැතිවරණ බල ප්‍රදේශයේ ව්‍යවස්ථා සම්පාදක නියෝජිත විජයි තනිකාසලන් වීරකේසරි සති අන්ත පුවත්පතට හෙළි කළ විශේෂ හෙළිදරව්ව.

ප්‍රශ්නය – ඔන්ට්‍රාරියෝ ව්‍යවස්ථා සම්පාදක සභාවේ ‘ද්‍රවිඩ සංහාරය සමූල ඝාතනය කිරීම ‘ 104 වැනි ව්‍යවස්ථාව ගෙන සම්මත කර ගැනීමේ පරමාර්ථය කුමක්ද?

පිළිතුර – මාතෘ භූමියේ ද්‍රවිඩ ජනතාවට එරෙහි කළ ජන සංහාරය රජයක් ලෙස ප්‍රතික්ෂේප කරමින් ඊළඟ පරම්පරාවට ජාතික කැක්කුම, නීතියේ සාධාරණත්වය, එක් එක් පුද්ගලයන් පෞද්ගලිකව අත්විඳි වේදනාවන් ඇතුළු හිතා මතා කළ සංහාරය පිළිබඳව දැනුවත් කළ යුතුයි. එපමණක් නොව අධ්‍යාපනය තුළත් මෙවැනි දේ ඇතුළත් කර අනාගත පරම්පරාව දැනුවත් කළ යුතුයි.

මෙවැනි ඉලක්කයකින් තමයි ද්‍රවිඩ ජන සංහාර සමූල ඝාතනය නැමැති ව්‍යවස්ථා සම්මතය, ඔන්ට්‍රාරියෝ ව්‍යවස්ථා සම්පාදක සභාවේ සම්මත කරගත්තේ. තුන්වන කියවීමෙන් පසු එය ව්‍යවස්ථා සම්පාදක සභාවේ සම්මත කර නීතිගත කර ඇත. ඇත්ත වශයෙන්ම යුදෙව් ජනයා තමන්ට සිදු කළ වද වේදනා ඊළඟ පරම්පරාවට හෙළි කිරීමේ අධිෂ්ඨානයෙන් අධ්‍යාපන ග්‍රන්ථ තුළ මෙම සිදුවීම් ඇතුළත් කර උගන්වන්නේ ද එම ලෙසම ද්‍රවිඩ සංහාරයද පරම්පරාගතව සහ අනෙකුත් ජාතීන්ට අධ්‍යාපනය තුළින් හෙළි දරව් කිරීමට බලාපොරොත්තු වේ.

ප්‍රශ්නය – ද්‍රවිඩ ජන සංහාර සමූල ඝාතන නීතිගත වන තුරු මුහුණු දුන් අභියෝග මොනවාද? මෙම නීතිය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරන්නේ දැයි සිතන්නේද?

පිළිතුර – මෙම නීතිය සම්මත නොවිය යුතු යැයි ශ්‍රී ලංකා රජය හා ඒ සමඟ එක් වූ කැනඩාවේ ක්‍රියාත්මක සමහර පාර්ශවයන් කඩිසරව ක්‍රියා කරමින් සිටියහ. එසේ වුවත් ඔන්ට්‍රාරියෝ ප්‍රධාන අමාත්‍යවරයා ඩක්පෝට් මහතා සහ අනෙකුත් සියළු පක්ෂ නියෝජිතයින්ගේ සහයෝගයෙන් මෙය නීතිගත කර ගැනීමට උදව් කළහ.

තවද කැනඩාවේ ඉතා වැදගත් ප්‍රාන්තයක් වන ඔන්ට්‍රාරියෝ ප්‍රාන්තය මගින් මෙම නීතිය සම්මත කර ගැනීමේ හේතුවෙන් ජාතික වශයෙන් ඉක්මනින්ම එයට ලැබිය යුතු නීත්‍යානුකූලතාවයට අවශ්‍ය මාර්ගය සෑදී ඇත. මෙයට වඩා තරුණ සමාජය මෙම නීතිය සම්මත වීම පිළිබඳ සමාජ මාධ්‍ය තුළින් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කර ඇත. එමෙන්ම ඔවුන්ගේ බලපෑම ජාත්‍යන්තර ලෙස ප්‍රකාශ කර ඇත.

ප්‍රශ්නය – ද්‍රවිඩයින් ජන සංහාරය කළ බව එම ජනයාගේ නියෝජිතයන් ප්‍රතිපත්තියක් ලෙස පිළිගත්තද එයට අදාළ නීතිමය රැකවරණය ලබා දීමට අවශ්‍ය සාක්ෂි නැති බව සමහර පාර්ශව ප්‍රකාශ කරයි. මේ සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද?

පිළිතුර – එක්සත් ජාතීන්ගේ සම්මුති නීතිය අනුව ජන සංහාරය පිළිබඳ අර්ථ දැක්වීම් 5ක් ලබා දී ඇත. ඒ අනුව ද්‍රවිඩ ජනයා මත දශක හතක් තිස්සේ සිදු කර අවසානයේ මුල්ලිවෛක්කාල්වල සිදු වූ ජන සංහාරයෙන් ඔප්පු වී ඇත.

එමෙන්ම ලෝකයේ සිදු වූ ජන සංහාරයන් හි අනුමත කිරීම සඳහා නොයෙකුත් යාන්ත්‍රණ ක්‍රියාත්මක කර තිබේ. උදාහරණයක් වශයෙන්, ආර්මේනියා ජන සංහාරය ගතහොත් වසර 100කට පසු ජන සංහාරයක් වූ බව ජාත්‍යන්තරයේ පිළිගෙන අනුමත කර තිබේ.

ආර්මේනියානුවන්, වෙනත් වෙනත් රටවල ඇති පළාත් ආණ්ඩු, ප්‍රාන්ත හා දේශීය වශයෙන් තමන්ගේ ජනයා ජන සංහාරය කළ බව පියවරෙන් පියවර ඔප්පු කරමින් අවසානයේ එක්සත් ජාතීන්ගේ ඒ ඒ රටවල් හරහා යෝජනා කර අනුමැතිය ලබා ගත්හ. මෙය හොඳ බලපෑම් කළ හැකි යන්ත්‍රණයක් විය. මෙවැනි නොයෙකුත් යාන්ත්‍රණයන් දැක ගත හැක.

ද්‍රවිඩ ජන සංහාරයක් සිදු වූ බව උතුරු පළාත් සභාව, ද්‍රවිඩ නීති සම්පාදක සභාවල පිළිගැනීමෙන් පසු කැනඩාවේ ප්‍රමිටන්, ටොරන්ටෝ පළාත් ආණ්ඩුවල ද්‍රවිඩ ජන සංහාරය සැමරුම් කළ යුතු යැයි තීන්දුවක් ගෙන ඇත. ඉන්පසු කැනඩාවේ ප්‍රධාන ප්‍රාන්තයක් වන ඔන්ට්‍රාරියෝ හි 104 වැනි ව්‍යවස්ථා සම්මතය මඟින් සම්මත කර ඇත.

මේ ආකාරයෙන් ලෝකය පුරා රටවල් හරහා ඉටු කර ගැනීමෙන් පසු ද්‍රවිඩ සංහාරය ජාත්‍යන්තර අනුමැතිය ගැනීමට පෙරමුණ ගත හැකි බවයි මගේ බලාපොරොත්තුව. ඒ සඳහා මෙම යාන්ත්‍රණය පමණක් ප්‍රමාණවත් බව මා කියන්නේ නැත. අප තුළ ඇති සියළු ක්‍රියාමාර්ග අප ගත යුතුයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *