කොවිඩ් 19 වැඩිම රටේ නිරෝගී ක්ෂේම භූමියක්, එන්නතක් කළ හාස්කමක්

කොවිඩ් 19 රෝගය නිසා ඉතා දැඩි ලෙස අර්බුදයකට ලක් වූ රටක් හැටියට බ්‍රසීලය සැලකෙනවා. බ්‍රසීලයේ අද දක්වා කොවිඩ් 19 රෝගීන් මිලියන 16.5 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් 460,000 කට වැඩි ප්‍රමාණයක් මරණයට පත්වුණි.

රෝග පාලනය කිරීම සඳහා එක් ප්‍රදේශයක කොපමණ ජනගහනයක් එන්නත් කල යුතු දැයි බ්‍රසීලය පරීක්ෂණයක් පටන් ගත්තේය. Sao Paulo ප්‍රාන්තයේ 45,000 ක ජනගහනයක් වෙසෙන Serenna නගරයේ ජනතාවගෙන් 75% කට එන්නත් මාත්‍රා දෙකම ලබා දුන් පසු රෝග ලක්ෂණ පෙන්නුම කිරීමේ ප්‍රතිශතය 80% ක පහල යෑමක් ද, රෝහල්ගත කිරීමේ ප්‍රතිශතය 86% ක පහල යෑමක් ද වාර්තා වී ඇත. ඊට අමතරව කොවිඩ් මරණ සංඛ්‍යාව 95% කින් අඩුවී ඇති අතර දැනට බ්‍රසීලයේ නිරෝගී සහ ආරක්ෂිත ම ස්ථානය ලෙස මෙම නගරය සැලකේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *