මෙරට ප්‍රධාන ලුණු නිෂ්පාදකයින්ගෙන් ඒකාබද්ධ නිවේදනයක්

දේශීය ලුණු කර්මාන්තය සම්බන්ධයෙන් පැතිර යන සාවාද්‍ය තොරතුරු පිළිබද ප්‍රධාන ලුණු නිෂ්පාදකයන් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇත. රයිගම් සමූහ ව්‍යාපාරය සහ සී/ස ලංකා සෝල්ට් සමාගම විසින් අදාළ නිවේදනය නිකුත් කර තිබේ.

ඔවුන් දේශීය ලුණු අවශ්‍යතාවයෙන් සියයට 80ක් සදහා නිෂ්පාදනයෙන් දායක වේ.

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගත් නැවේ පැවැති රසායන ද්‍රව්‍ය මුහුදු ජලය ඔස්සේ දේශීය ලුණු හා මිශ්‍ර විය හැකි බවට පළවන අසත්‍ය වාර්තාවලට පිළිතුරක් වශයෙන් එම ප්‍රකාශය නිකුත් කර තිබේ.

ඔවුන් සදහන් කර ඇත්තේ පාරිභෝගික ජනතාවට කිසිදු ආකාරයකින් ලුණු සැපයුම සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගැනීම හෝ අනවශය ලෙස තොග රැස් කර ගැනීමට කිසිසේත් අවශ්‍ය නොවන බවය.

අදාළ සම්පූර්ණ ඒකාබද්ධ නිවේදනය පහ‍ත දැක්වේ.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *