කොරෝනා පාලනය වන තෙක් සංචරණ සිමා දීර්ඝ කරන්න – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

රජය මගින් පනවා තිබෙන සංචරණ හා අනෙකුත් සීමා කොරෝනා වසංගතය පාලනය කළ හැකි මට්ටමකට පැමිණෙන තෙක් තවදුරටත් පවත්වාගෙන යා යුතු යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයට යෝජනා කරයි.

රජය මගින් පනවා ඇති සීමා නිසා තමන්ගේ එදිනෙදා කටයුතුවලට කොරතම් බලපෑම් කළ ද බහුතර ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ඒවාට උපේක්ෂාවෙන් මුහුණදිමට ජනතාව කටයුතු කළයුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පවසයි.

කොරෝනා වසංගතය සීග්‍ර ලෙස වැඩිවුවහොත් පු
වසංගතය පාලනය වන තෙක් සංචරණ සිමා දීර්ඝ කරන්න – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයද්ගල මරණ සංඛ්‍යාව වැඩිවිය හැකි අතර සෞඛ්‍ය අංශද අඩපණ විය හැකි බව ද ලක්කුමාර් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

කොරෝනා පාලනය කර රට නැවත යථා තත්ත්වයට පත් කිරීමට සියලු දෙනා පොදු අරමුණකින් කටයුතු කළ යුතු බව ද හෙතෙම පැවැසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *