ලංකාවට එන්නත නියමිත වෙලාවට නොලැබුණේ ඇනවුම් කරන්න පරක්කු වූ නිසයි – ඉන්දීය විදේශ අමාත්‍යාංශය

ඇනවුමේ පරක්කුව නිසයි ලංකාවට එන්නත නියමිත වෙලාවට නොලැබුණෙ - ඉන්දීය විදේශ අමාත්‍යාංශය වාර්තාව

ඇනවුමේ පරක්කුව නිසයි ලංකාවට එන්නත නියමිත වෙලාවට නොලැබුණෙ - ඉන්දීය විදේශ අමාත්‍යාංශය වාර්තාව

ඉන්දියාව විසින් මේ වනවිට ලොව පුරා බෙදා හැර ඇති කොවිශීල්ඩ් එන්නත් ප්‍රමාණය ලක්ෂ 663ක් බව මැයි මැයි 29 ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ වාර්තාවක දැක්වේ. ඒ අනුව එන්නත් ලක්ෂ 107ක් ප්‍රදානයන් ලෙසද ලක්ෂ 358ක් මුදලටද ලක්ෂ 198ක් ලෝක සෞඛ්‍ය සංවිධානයටද ලබා දී ඇත.

එන්නත් කලින් ඇණවුම් කළ රටවලට ජනවාරි සහ පෙබරවාරි මස වනවිටම මුදලට එන්නත් ලබාදීමට ඉන්දියාව කටයුතු කර ඇත. ඒ අනුව බංග්ලාදේශය එන්නත් ලක්ෂ 70ක්, මියන්මාරය එන්නත් ලක්ෂ 20ක්, නේපාලය ලක්ෂ 10ක්, බ්‍රසීලය ලක්ෂ 40ක්, මොරොක්කෝව ලක්ෂ 70ක් ඉන්දියාවෙන් එන්නත් මිලදී ගෙන ඇත. මේ සියලු රටවල් කලින්ම එන්නත් මිලදී ගැනීම සඳහා ඇනවුම් කර තිබීම මෙසේ එන්නත් ලබා ගැනීමට හේතු වී ඇත. ශ්‍රී ලංකාව නියමිත පරිදි වේලාසනින් එන්නත් ඇණවුම් නොකිරීම නිසා අපට මිලදී ගැනීමට හැකිවී ඇත්තේ එන්නත් ලක්ෂ 05ක් පමණි.

ඉන්දියාවෙන් එන්නත් මිලදී ගැනීමට නොහැකි වීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විවිධ හේතු ඉදිරිපත් කළද ඉන්දියාව විසින් මාර්තු 10 ඉරානයට, මාර්තු 18 මුරුසියස් රාජ්‍යයට, මාර්තු 29 මාලදිවයිනට සහ පලස්තීනයට එන්නත් ලබා දී ඇත.

මූලාශ්‍ර – Vaccine Supply – Ministry of External Affairs Government of India

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *