(Video) බංග්ලාදේශයට එරෙහි තරගාවලිය පරාජ වීමට හේතුව නවකයින්ට අත්දැකීම් නොමැති වීමයි – නායක කුසල් ජනිත් පෙරේරා

බංග්ලාදේශයට එරෙහි තරගාවලිය පරාජ වීමට හේතුව නවකයින්ට අත්දැකීම් නොමැති වීමයි – ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් ජනිත් පෙරේරා

බංග්ලාදේශයට එරෙහි තරගාවලිය පරාජ වීමට හේතුව නවකයින්ට අත්දැකීම් නොමැති වීමයි – ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් ජනිත් පෙරේරා

මැද පෙළ පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන්, නවක ක්‍රීඩකයින්ට අත්දැකීම් නොමැති වීම හේතුවෙන් බංග්ලාදේශයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය පරාජය වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් ජනිත් පෙරේරා පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ, දෙරට අතර (25) ඩකාහී පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකාව සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව බංග්ලාදේශය ලකුණු 103 කින් ජය ගත්තේය.

එය බංග්ලාදේශ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කළ පළමු ක්‍රිකට් තරගාවලි ජයග්‍රහණය වේ.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක තමීම් ඉක්බාල්

“හරිම සතුටුයි තරගාවලිය ජයග්‍රහණය කිරීමට ලැබීම ගැන. නමුත් අපි බලාපොරොත්තු වූ ආකාරයෙන් මෙම ජයග්‍රහණ ලබා ගන්න බැරි වුණා. අපි බලාපොරොත්තු වෙනවා තුන්වැනි තරගයේදී කණ්ඩායම අපේක්ෂා කරන ආකාරයේ ක්‍රීඩා විලාශය පෙන්නුම් කරලා ඒ බලාපොරොත්තු වෙන ජයග්‍රහණය ලබා ගන්න”

මෙම තරග ජයග්‍රහණයත් සමගින් තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0 ක් ලෙස පෙරමුණ ගැනීමට බංග්ලාදේශය සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් ජනිත් පෙරේරා

“තරගය පරාජය වීම ගැන කණගාටු වෙනවා. අත්දැකීම් නොමැති වීම මෙම තරගය පරාජය වීමට හේතුවක් වුණා. මැද පෙළ පිතිකරුවන් තරග දෙකේදීම හොඳින් ක්‍රීඩා කළේ නෑ. පිතිකරුවන් ඔවුන්ගේ ශක්තිය හඳුනාගෙන බය නැතුව ක්‍රීඩා කළ යුතුයි”

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තුන්වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අනිද්දා(28) ඩකාහිදී පැවැත්වීමට නියමිතය.

-NF | NW


අද දින අපගේ වෙබ් අඩවියෙහි බංග්ලාදේශයට එරෙහි තරගාවලිය පරාජය සම්බන්ධයෙන් පලවූ ප්‍රවෘත්ති 2ක් වන

1. “බංග්ලාදේශයට එරෙහි තරගාවලිය පරාජ වීමට හේතුව නවකයින්ට අත්දැකීම් නොමැති වීමයි – නායක කුසල් ජනිත් පෙරේරා” සහ

2. “වැටුප් කප්පාදුව නිසා ක්‍රීඩකයින්ගේ මානසිකත්වය බිද වැටිලා – නායක කුසල් ජනිත්” යන
ප්‍රවෘත්තීන් වේ.

ඉහත දෙවැනි පුවත දෝෂ සහිත මූලාශ්‍රයක් හරහා ලබාගෙන, නිවැරදි දේ සොයා බලන තෙක් රඳවා තබා ගත් පුවතකි.

ඉහත පළමුවන ප්‍රවෘත්තිය අපගේ වෙබ් අඩවියෙහි ප්‍රසිද්ධ කරනවාත් සමගම ඉහත සඳහන් දෙවෙනි ප්‍රවෘත්තිය ද , තාක්ෂණික දෝශයක් හේතුවෙන් අපගේ වෙබ් පිටුවෙහි ප්‍රකාශය වී ඇත.

එම දෙවෙනි ප්‍රවෘත්තිය ප්‍රදර්ශනය නොවිය යුතුය, නමුත් තාක්ෂණික දෝශයක් හේතුවෙන් එය ප්‍රදර්ශනය වීම පිළිබඳව අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිමු.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *