කොරෝනා මරණ අවම කිරිමට තිස්ස විතාරණ උපක්‍රමයක් කියා දෙයි

ඉදිරියේදී තවත් සැර කොරෝනා එන්න පුළුවන්; අලුතින් එන්නත් නිපදවීමට සිදු වනු ඇත - මහාචාර්ය තිස්ස විතාරණ

ඉදිරියේදී තවත් සැර කොරෝනා එන්න පුළුවන්; අලුතින් එන්නත් නිපදවීමට සිදු වනු ඇත - මහාචාර්ය තිස්ස විතාරණ

කොරෝනා මරණ අවම කිරීමට මේ මොහොතේදී අනුගමනය කළ හැකි සුදුසුම උපක්‍රමය වන්නේ නිදන්ගත රෝගවලින් පෙළෙන මෙරට අධි අවදානම් කණ්ඩායම්වලට කොරෝනා මර්දන එන්නත කඩිනමින් ලබාදීම බව වයිරස වේදය පිලිබද ප්‍රකට විද්‍යාඥයකුවන මහාචාර්ය තිස්ස විතාරණ මහතා ලංකාදීපයට පැවැසීය.

කොරෝනා වැළඳී මිය ගිය වැඩි පිරිසක් එවැනි නිදන්ගත රෝගවලින් පෙළුණු අය බවද මහාචාර්යවරයා ප්‍රකාශ කළේය .

මෙයට අමතරව කොරෝනා තුරන් කිරීමට නම් මෙරට ජනගහනයෙන් සියයට අසූවකටවත් එන්නත ලබා දිය යුතු බව පැවැසූ විතාරණ මහතා සියයට 50 ක් එන්නත ලබාදීම ප්‍රමාණවත් නොවන බවද පැවසුවේය. රෝගීන් සියයක් සිටියහොත් මෙරට පී.සී.ආර් පරීක්ෂණවලින් හඳුනා ගැනෙන්නේ ඉන් සියයට හැත්තෑවක් පමණක් බවත් සෙසු රෝගීන් තිහ වසන් වන බවත් ඔහු කීය.

මේ තත්වය යටතේ පී.සී.ආර් උපකරණ දියුණු කරගත යුතු බවද තිස්ස විතාරණ මහතා පැවැසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *