ඉන්දීය වයිරස ප්‍රභේදයට ’ඉන්දීය ප්‍රභේදය’ කියන්න එපා – ඉන්දීය රජය

නව කොවිඩ් -19 වයිරස ප්‍රභේදය “ඉන්දියානු ප්‍රභේදය“ යනුවෙන් සඳහන් නොකරන ලෙස ඉන්දීය රජය දැනුම්දී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එම වයිරසය B.1.617 ලෙස හඳුන්වා දී ඇති නමුත් ඉන්දීය ප්‍රභේදය ලෙස කිසිදු අවස්ථාවක එය නම් කර නොමැති බව ඉන්දීය රජය පෙන්වාදී ඇත.

එලෙස සඳහන් කර සමාජජාල මාධ්‍යවල පළවන සියලු වාර්තා ඉවත් කර ගන්නා ලෙස අදාළ සමාගම් වෙත එරට රජය විසින් දැනුම්දී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඉන්දියාවේ මේ වන විට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 26,530,132 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර එරට සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 299,296කි.

-හින්දුස්තාන් ටයිම්ස් ඇසුරෙනි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *