(VEDIO) වරාය නගර පනත සමාගමක් කෙටුම්පත් කරලා; අපි බලයට ආවොත් සංශෝධනය කරනවා – අජිත් P. පෙරේරා

(VEDIO) වරාය නගර පනත ආණ්ඩුවේ නායකයන්ට අවශ්‍ය පරිදි පෞද්ගලික සමාගමක් කෙටුම්පත් කරලා; අපේ රජයකදී සංශෝධනය කරනවා – අජිත් P. පෙරේරා

(VEDIO) වරාය නගර පනත ආණ්ඩුවේ නායකයන්ට අවශ්‍ය පරිදි පෞද්ගලික සමාගමක් කෙටුම්පත් කරලා; අපේ රජයකදී සංශෝධනය කරනවා – අජිත් P. පෙරේරා

සමගි ජන බලවේගය බලයට පත් වූ වහාම කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාල පනත සංශෝධනය කිරීමට කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසනවා.

විපක්ෂ නායක කාර්යාලයේ (23) පැවති මාධ්‍ය හමුවට සහභාගිවෙමින් ඔහු මේ බව සඳහන් කරන ලදි.

පසුගිය 20 වැනිදා පනත් කෙටුම්ත තෙවැනි වර කියවීමේදී සමගි ජන බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සංශෝධන 08 ක් ඉදිරිපත් කළ නමුත් එම සංශෝධන ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩු පක්ෂය කටයුතු කළේය. තම රජයක් යටතේ එම සංශෝධන 08 ම කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතට එකතු කරන බවයි හිටපු මන්ත්‍රීවරයා පවසන්නේ.

වරාය නගර ව්‍යාපෘතියේ රැකියාවලින් 75% ක් ශ්‍රී ලාංකිකයන්ට හිමිවන බව සහ ස්ථාපිත කරන ආර්ථික කොමිෂන සභාවේ සභාපති ධුරය ශ්‍රී ලාංකිකයෙකුට හිමිවීම අනිවාර්ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු වගන්තියක් පනතේ සඳහන්ව නොමැති බවද අජිත් පී. පෙරේරා මහතා පවසනවා. ඒ අනුව ජනාධිපතිවරයාට අවශ්‍ය නම් විදෙස් ජාතිකයෙකු වුවද පත්කළ හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

මෙම පනත සකස් කිරීමේදී අවම වශයෙන් මෙරට නීති පද්ධතිය පිළිබඳව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව හෝ දැනුවත්භාවයකින් තොරව කටයුතු කර ඇති බව පෙනී යන්නේ යැයි සඳහන් කරන හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ ආණ්ඩුවේ නායකයන්ට අවශ්‍ය පරිදි පෞද්ගලික සමාගමක් විසින් මෙම පනත කෙටුම්පත් කර ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *