මගේ නම යොදාගනිමින් කොරෝනාවට ආධාර එකතු කරන අයට රැවටෙන්න එපා – විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

මැතිසබේ හිංසනයන් සහ අඩම්තේට්ටම් සම්බන්ධයෙන් ගැන කාන්තා සංසදය පරීක්ෂණයක් ඉල්ලයි

මැතිසබේ හිංසනයන් සහ අඩම්තේට්ටම් සම්බන්ධයෙන් ගැන කාන්තා සංසදය පරීක්ෂණයක් ඉල්ලයි

ඇතැම් පුද්ගලයින් සහ කණ්ඩායම් මේ වසංගත අවස්ථාවේ අමාත්‍යවරියගේ නම භාවිතා කර ව්‍යාජ පුවත් මවමින් රෝහල්වලට අවශ්‍ය උපකරණ යැයි සඳහන් කළ ව්‍යාජ ලැයිස්තු ඉදිරිපත් කර ආධාර ලබාදෙන ලෙස ඉල්ලා කටයුතු කරන බවට නිරීක්ෂණය වී ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

කොවිඩ් රෝගය වැළඳුණු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රෝහල්වල දැඩිසත්කාර ඒකක ඇතුලුව කඩිනමින් අවශ්‍යව ඇති වෛද්‍ය උපකරණ ලබාදීමට එක්වන්නැයි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පසුගියදා දානපතියන්ගෙන් ඉල්ලීමක් කරන ලදි. ඊට ප්‍රතිචාර දක්වමින් විවිධ ආයතන හා පුද්ගලයින් විසින් සිය දායකත්වය ලබාදීම පිළිබඳව අමාත්‍යවරිය ඔවුන් වෙත සිය කෘතවේදීත්වය පුදකර සිටියි.

නමුත්, Sri Lanka Unites නමින් පුද්ගල කණ්ඩායමක් විසින් ව්‍යාජ වෛද්‍ය උපකරණ ලයිස්තුවක් ඉදිරිපත් කරමින් අමාත්‍යවරියගේ නම භාවිතා කර ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ඔස්සේ ආධාර ලබාදෙන ලෙස ඉල්ලා කරනු ලබන පුවත සාවද්‍ය වන බවත් ඒ සදහා මුදල් ආධාර හෝ වෛද්‍ය උපකරණ ලබානොදෙන ලෙසත් අමාත්‍යවරිය පවසයි.

එවැනි ඉල්ලීමක් අමාත්‍යවරිය විසින් ඔවුන්ගෙන් සිදුකර නොමැති බවත් මේ පිළිබඳව විමසා බැලීමට ඔවුන් ප්‍රසිද්ධ කර ඇති දුරකතන අංක ඔස්සේ කිහිප විටක් උත්සාහ ගනු ලැබුවද සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බවත් අමාත්‍යවරිය පවසනවා.

මේ මොහොතේ අවශ්‍ය වන්නේ පුද්ගල නාම ප්‍රවර්ධනය හෝ ආයතන ප්‍රවර්ධනය නොව අවශ්‍යතාවට සරිලන වෛද්‍ය උපකරණ ලබාදීම පමණක් වන බැවින් අදාල රෝහල්වලින් විමසා අවශ්‍යතාවට පමණක් සරිලන උපකරණ පරිත්‍යාග කිරීම ප්‍රමාණවත් වන අතර ඒ සඳහා තමාගේ නාමය යොදා ගැනීම අවශ්‍ය නොවන බවත් තමන් සිදුකරනු ලැබුවේ දෙස් විදෙස් දානපතියන්ගේ අවදානය ඒ්වෙත යොමු කිරීම පමණක් බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *