පෝට් සිටි පනත අධිකරණයේ තීන්දුවට ඉඩ නොතබා රිංගා යන්නයි ආණ්ඩුව හැදුවේ – අනුර කුමාර දිසානායක

ආණ්ඩුව උත්සාහ කළේ කොළඹ වරාය නගර පනත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අර්ථ නිරූපණයකට ලක් කිරීමේ අවස්ථාවෙන් රිංගා යෑමට යැයි ජවිපෙ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.

කෙසේ වෙතත්, රටේ පනතක් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය මෙවැනි තීන්දුවක් මෑතකදී ලබාදුන් පළමු අවස්ථාව මෙය බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ය.

දිසානායක මහතා සඳහන් කළේ, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයේ කිසිදු වගන්තියක් ගැන ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු නොකළ නමුත් මෙම වරාය නගර පනතේ වගන්ති 9ක් ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු බවට තීන්දු කොට තිබීම විශේෂ කරුණක් බවයි.

ජනතා විමුක්ති පෙරමුණට හා අනෙක් පාර්ශ්වවලට පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට නොහැකි වූයේ නම්, ආණ්ඩුව කඩිනමින් ව්‍යවස්ථාවට පටහැනි පනතක් අනිවාර්යයෙන් සම්මත කරගන්නා බවත් ආණ්ඩුවේ නායකයන් මේ උත්සාහ දරන්නේ මැදමුලන දේපොළ ඇටෝ(ර්)නි බලපත්‍රයක් හරහා පවරා  දීමට නොවන වග ජනතාව අවබෝධ කරගත යුතු බවත් ඔහු වැඩිදුරටත් කීය.

හෙතෙම මේ බව පැවැසුවේ, 18වන දින පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *