කොරෝනා රෝගීන් වාර්තා වන සංඛ්‍යාවට වඩා තුන් ගුණයක් සමාජය තුළ සිටිය හැක – කොවිඩ් කටයුතු රාජ්‍ය අමාත්‍ය

දෛනික මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාවට වඩා තුන් ගුණයක ආසාදිතයින් සංඛ්‍යාවක් සමාජය තුළ සිටිය හැකි බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා .

අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ එවැනි ආසාදිතයින්ගෙන් තවදුරටත් සමාජය සීග්‍ර ලෙස වෛස්‍ය පැතිරෙමින් තිබෙන බවයි. නව ප්‍රභේදය හරහා මේ වන විට කොවිඩ් මරණවල ඉහළ යාමක් ද දක්නට ලැබෙන බව අමාත්‍යවරයා සදහන් කළා .
වෛරස ව්‍යාප්තිය අවම කර ගැනීමට නම් මහජනතාව සති දෙකකට හෝ නිවෙස් තුළම තැබීමට කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙයි. මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරිය වැඩිදුරටත්කියා සිටියේ …“ඔත්තේ ඉරට්ටේ දවස්වල යන්න කිව්වත් ජනතාව වැඩි වශයෙන් පාරවල්වල ඉන්නවා. පාරවල් හිස්වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නෑ. මේ පැතිරීම වළක්වා ගන්න නම් ගෙදරටම වෙලා ඉන්න ඕනේ. අත්‍යාවශ්‍ය කාරණයකට හැර එළියට යන්න එපා කියලා රටේ ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *