TNA මන්ත්‍රීවරු කළු ඇඳගෙන පාර්ලිමේන්තුවේදී යුද්ධයේදී මියගිය පිරිස සමරයි

TNA මන්ත්‍රීවරු කළු ඇඳගෙන පාර්ලිමේන්තුවේදී යුද්ධයේදී මියගිය පිරිස සැමරයි

TNA මන්ත්‍රීවරු කළු ඇඳගෙන පාර්ලිමේන්තුවේදී යුද්ධයේදී මියගිය පිරිස සැමරයි

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අට දෙනෙක් යුද්ධයේදී මියගිය උතුරේ පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉටිපන්දම් දල්වා (18) පෙරවරුවේ සැමරූහ.

යුද්ධයේදී මියගිය පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මේ ආකාරයට සැමරූ පළමු අවස්ථාව මෙයයි. එම මන්ත්‍රීවරුන් මේම සැමරීම කර ඇත්තේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ට වෙන් කෙරුණු ශාලාවේදීය.

ඉටිපන්දම් අටක් දල්වා පසුව විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්ද පවත්වා මෙම සැමරීම කළ බව මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරන් මහතා පැවසීය. මෙම සැමරුමට දෙමළ ජාතික සන්ධානයේපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්ඒ සුමන්දිරන්, චාණක්‍ය රාසමානික්කම්, සෙල්වම් අඩෙයිකනාදන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් ඇතුළු මන්ත්‍රීවරු 8 දෙනෙක් සහභාගි වූහ.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *