කොවිඩ් ආසාදිතයන් නිවෙස් තුළම රැඳවීම හේතුවෙන් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇත – PHI සංගමය

දිනකට ‌කොරෝනා රෝගීන් 2000ක් වාර්තා වනවා - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

දිනකට ‌කොරෝනා රෝගීන් 2000ක් වාර්තා වනවා - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

17 දින සිට කොවිඩ් ආසාදිත නමුත් රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් තම නිවෙස් තුළම රැඳවීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා.

සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියන්නේ ආසාදිතයන් නිවෙස් තුළ රැදවූ විට හදිසි අවස්ථාවකදී එම නිවෙස් වෙත යාමට තරම් වෛද්‍යවරුන් හෝ සෞඛ්‍ය කාර්යය මණ්ඩල නොමැති බව බවයි.

එවැනි තත්වයක් තුළ ආසාදිතයන් නිවෙස් තුළ රැඳවීම මාරාන්තික බවත් අවශ්‍ය රෝගීන්ට නිසි වෙලාවට පහසුකම් නොලැබුණහොත් ඔවුන් නිවාස තුළම මිය යෑමේ අවදානමක් ඇතැයිද ඔහු කියනවා. මෙරට රෝහල් ධාරිතාව ඉක්මවා යාම හේතුවෙන් රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් නිවාස තුළම රැදවීමේ නියමු වැඩසටහන අද දිනයේ සිට ආරම්භ කරන බවයි රාජ්‍ය ඇමති සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කළේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *