ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය ද අනතුරු අඟවයි : තත්ත්වය දරුණුයි

ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය ගැන WHO අනතුරු අඟවීමක්: තත්ත්වය දරුණුයි

ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය ගැන WHO අනතුරු අඟවීමක්: තත්ත්වය දරුණුයි

කොරෝනා ආසාදිතයින් වාර්තාවීම සැලකිල්ලට ගතහොත් ශ්‍රී ලංකාවේ තත්ත්වය දරුණු අතට හැරී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගේබ්‍රියේසස් පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

ඔහු එහිදී සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් රෝහල්ගත කිරීම් වැඩි වී ඇති බවය.

ඉන්දියාවේ කොරෝනාවෛරසය ව්‍යාප්තිය පිළිබඳව ද ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි අවධානයෙන් පසුවන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාව, නේපාලය, වියට්නාමය, කාම්බෝජය, තායිලන්තය සහ ඊජිප්තුව යන රටවල්ද හදිසි අවශ්‍යතා සහිත රටවල් බව ලෙස ඔහු හැඳින්වීය. එම රටවල කොරෝනා ආසාදිතයින් වාර්තාවීම අධික ලෙස වැඩි වීමක් දක්නට ලැබෙන බව ඔහු පෙන්වා දුන්නේය.

කොරෝනාවෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එක ම විසඳුම වන්නේ එන්නත්කරණය සහ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම පමණක් බව ඔහු අවධාරණය කළේය.

මේ අතර එන්නත් ලබා ගැනීමේදී ඇතැම් රටවල් දුෂ්කරතාවට පත්ව ඇති හෙයින් දරුවන් එන්නත් කිරීම පසෙකලා දියුණු රටවල් නොදියුණු රටවලට එන්නත් ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බවට අධ්‍යක්ෂ ජනරාල්වරයා යෝජනා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *