(VIDEO) ආර්ථිකයට පෙර ජනතාවගේ ජිවිත ආරක්ෂා කරගනිමු – රනිල් වික්‍රමසිංහ

“පොහොට්ටුව - වියත්මග අන්තවාදී දේශපාලනය අන්තයටම ගෙනගියා’’ - රනිල් වික්‍රමසිංහ

“පොහොට්ටුව - වියත්මග අන්තවාදී දේශපාලනය අන්තයටම ගෙනගියා’’ - රනිල් වික්‍රමසිංහ

කොරෝනා වසංගතය නිසා ආර්ථිකයට වන හානිය හදා ගන්නනට හැකි නමුත් ජීවිතවලට වන හානිය හදා ගන්නට නොහැකි හෙයින් මෙි මොහොතේ රජයේ යුතුකම ජන ජිවිත ආරක්ෂා කරගැනීම බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි.

ඊළග සති කිහිපය තුළ කොවිඩ් වසංගතය මෙරට සීග්‍රයෙන් පැතිරෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය සහ ලාංකික වෛද්‍ය විශේෂඥයන් පුරෝකතනය කර තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතා රට වසා තබන්නැයි වෛද්‍යවරුන් කියනවා නම් ආණ්ඩුව එය කළ යුතුව ඇතැයි ද සඳහන් කරයි.

රටේ ආර්ථිකය හදන්නට නම් මේ මොහොතේ දී කළ යුතු පළමු කාර්යය රෝග ව්‍යාප්තිය නතර කිරීම බවද රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

කොළඹ දී වීඩියෝ තාක්ෂණය ඔස්සේ රනිල් වික්‍රමසිංහ මහතා මේ විශේෂ ප්‍රකාශය සිදු කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *