දිලිත් ජයවීර සහ අනුරුද්ධ පාදෙනියට තවත් පත් වීමක් – හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්යසාධක බලකාය

බැසිල් රාජපක්ෂ හා කැබිනට් ඇමතිවරුන් පස් දෙනෙකු ප‍්‍රමුඛ 46 දෙනෙකුගෙන් සමන්විත මෙතෙක් පත් කළ ලොකුම ජනාධිපති කාර්යසාධක බලකාය ජනාධිපතිවරයා පත්කර තිබේ.

මේ සම්බන්ධයෙන් නිකුත්කර තිබෙන රජයේ නිල නිවේදනයේ එය පත් කළ දිනය සඳහන් නොවීම විශේෂත්වයකි. ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ එම කාර්යසාධක බලකායේ ප‍්‍රධානියාය. එහි අනෙකුත් සාමාජිකයින් වන්නේ සී.බී.රත්නායක, මහින්ද අමරවීර, චමල් රාජපක්ෂ, මහින්දානන්ද අලූත්ගමගේ සහ රමේෂ් පතිරණ යන කැබිනට් ඇමතිවරුන් සහ එක් ආණ්ඩුකාරවරියක්, රාජ්‍ය අමාත්‍යවරුන් 14ක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ඇතුළු 46ක් මෙයට අයත්වෙති.

”දේශගුණික විපර්යාෂයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්යසාධක බලකාය” යනුවෙන් මෙය නම්කර ඇත. දිලිත් ජයවීර සහ වෛද්‍ය අනුරුද්ධ පාදෙනියද එහි සාමාජිකයන් වෙති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *