එන්නත් ලබා දීම පමණක් කොරෝනාවට විසඳුම නොවේ – ලංකාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පණිවුඩයක්

කොරෝනා වෛරස් රෝගීන්ගේ සීග්‍ර ඉහළ යාම බරපතල ලෙස ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය වන වෛද්‍ය ඔලිවියා නෙවේරාස් ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමිනි.

එන්නත් ලබා දීමෙන් පමණක් ගැටලුවට විසඳුම් නොලැබෙන බව කී ඇය සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන මෙන් ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියාය.

“ආණ්ඩුව, සෞඛ්‍ය අමාත්‍යංශයේ අපේ සගයන් සහ සෙසු අත්‍යවශ්‍ය සේවකයින් විඩා නොබලා වසංගතය පාලනය කරන්න කටයුතු කරමින් සිටිනවා.”

“සෞඛ්‍ය සේවකයින්, ආරක්ෂක අංශ සහ සෙසු ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට මෙය තනිවම කරන්න බැහැ. අපි, අපේ කොටස ඉටු කළොත් මෙයින් ගොඩ ඒවි. එක්වෙලා අපිට ඒ දේ කළ හැකියි.”

“ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන් ජීවිත බේරා ගන්න සහ වෛරසයේ පැතිරීම පාලනය කිරීමට හැකි සෑම අයුරකින්ම සහය දීමට සූදානම්,” යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *