මාලදිවයිනේ සිදුවූ පිපිරීමකින් එරට හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ට තුවාල

මාලදිවයින ප්‍රහාරයේ ‘මහමොළකරු’ අල්ලයි; බෝම්බ ගසා දවස් 3කින් ආරක්ෂක අංශ සමත් වේ
මාලදිවයිනේ සිදුවූ පිපිරීමකින් එරට හිටපු ජනාධිපති සහ පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් නෂීඩ් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු සිය නිවස අසලින් මෝටර් රථයට නැගීමට සූදානම්ව සිටියදී මෙම පිපිරීම සිදුව තිබේ. එරට වේලාවෙන් ඊයේ රාත්‍රී 8.30 ට පමණ අදාළ පිපිරීම සිදුව ඇතැයි සදහන් වේ. එහිදී තුවාල ලබා සිටි හිටපු ජනාධිපතිවරයාව ප්‍රාදේශීය රෝහලකට ඇතුළත් කර තිබේ.
මූලික වාර්තාවල දැක්වෙන්නේ, අදාළ පිපිරීම සිදුකර ඇත්තේ නිවස අසළ නතර කර තිබූ මෝටර් බයිසිකලයක අටවා තිබු බෝම්බයකින් බවටය.
මෙම පිපිරීමෙන් මොහොමඩ් නෂීඩ්ට සහ ඔහුගේ ආරක්ෂකයින්ට තුවාල සිදුවිය. එසේම පිපිරීමෙන් තවත් විදේශිකයෙකු තුවාල ලබා ඇති බව මාධ්‍ය වාර්තාවල දැක්වේ. පිපිරීම පිළිබඳ වැඩිදුර තොරතුරු තවම අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.